ඇවන්ගාර්ඞ් ගැන ගැන කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක්

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වෙනවා. ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් පවතින මතභේද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජනාධිපත...

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වෙනවා. ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් පවතින මතභේද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයේ මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි කියාසිටියා. 

නීතිය හා සාමය සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ඇවන්ගාර්ඞ් ආයතනය පිළිබද පරීක්‍ෂණ පොලීසිය විසින් සිදුකර ඇත්තේ ලකුණු දා ගැනීමට බවයි. ඇවන්ගාර්ඞ් ආයතනයේ නඩු පැවරිය හැකි වරදක් සිදුව නැතැයිද ඔහු පැවසුවා. 

අමාත්‍ය තිලක් මාරපන මහතාගේ මෙම ප‍්‍රකාශය පසුව පාර්ශව කිහිපයකගේ විවේචනයට ලක් වුණා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අදාළ ප‍්‍රකාශය තිලක් මාරපන මහතාගේ පෞද්ගලික අදහසක් මිස ආණ්ඩුවේ අදහස නොවන බවයි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මතභේද දුරුකර ගැනීම සදහා විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8424743000297423341

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item