චීන කතගේ බෑග් සොරා GPS තාක්ෂණයෙන් අල්ලයි

බදුල්ල බලා උඩරට මැණිකේ දුමිරියේ ගමන් ගත් චීන ජාතික යුවලකගේ අත්බෑගය පැහැරගෙන දුමිරියෙන් පැන පලාගිය සැකකරුවෙකු ජී.පී.එස්. තාක්ෂණයේ සහයෙන් ප...

බදුල්ල බලා උඩරට මැණිකේ දුමිරියේ ගමන් ගත් චීන ජාතික යුවලකගේ අත්බෑගය පැහැරගෙන දුමිරියෙන් පැන පලාගිය සැකකරුවෙකු ජී.පී.එස්. තාක්ෂණයේ සහයෙන් පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවල ලංකාවෙි මාර්ග උපදේශිකාවගේද සහායෝගය ඇතිව් පේරාදෙණිය දුමිරිය ස්ථානයෙන් උඩරට මැණීකේ දුමිරියට ගොඩවී නානුඔය දක්වා ගමන් කරමින් සිටියදි හැටන් රෝසැල්ල දුමිරිය ස්ථානය අසලදි චින ජාතික කාන්තාව සතුව තිබු බෑගය දුමිරියෙන් ගමන් ගත් සැකකරුවෙක් උදුරාගෙන පලාගොස් තිබේ.

පසුව එම තිදෙනා හැටන් පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත. එදින රාති‍්‍රයේ හැටන් ප‍්‍රදේශයේම ඔවුන් නාවාතැන් ගෙන තිබේ.

එහිදී ඇය සතුව තිබු තවත් දුරකථනයකට ජි.පී.එස් තාක්ෂණය ඔස්සේ පැහැරගත් අත් බෑගය තිබෙන ස්ථානය පෙන්නුමි කරන බව හැටන් පොලීසියට දැනුමිදිමෙන් පසු වහා කි‍්‍රයාත්මක වු හැටන් පොලිසිය සැකකරු සහ පැහැරගත් මුදල් සහිත අත්බෑගය අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකානු ඩොලර්, චීන යෙන්වලින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්ද, ලංකා මුදලින් රුපියල් තුන්දහක්ද චින කාන්තාවගේ ගුවන් ගමන් බලපත‍්‍ර සහ ක්‍රෙඩිටි කාඩිපත් කිහිපයක් සහ වටිනා ජංගම දුරකථනයක් එම බෑගයේ තිබී ඇත.

අතර, ඉන් සැකකරුට වියදමි වි ඇත්තේ ලංකා මුදලින් වු රුපියල් තුන්දහක් පමණක් බව හැටන් පොලීසිය පැවැසීය.

වෘත්තියෙන් චින කාන්තාව ඉංජිනේරුවරියක් වන අතර ඇයගේ සැමියා යුද හමුදාවෙන් විශ‍්‍රාම ලැබු අයෙකි.

හැටන් පොලිසියේදි මෙම මෙහෙයුමට සහභාගි වු සියලුම නිළධාරින්ට එම යුවලගේ ප‍්‍රශංසාව පුදකළ අතර මෙි පිළිබදව තම තානාධිපති කාර්යාලයට දැනුමි දෙන බවයි ඇය පවසා ඇත.

රංජිත් රාජපක්ෂ – හැටන්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8567336006198778921

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item