රජයේ රෝහල්වල හෙද පුරප්පාඩු 36,430 ක්‌

මෙරට රජයේ රෝහල්වල හෙද හෙදියන් 64,430 දෙනකු සිටිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් දැනට එම රෝහල්වල සේවයේ යෙදී සිටින්නේ ...

මෙරට රජයේ රෝහල්වල හෙද හෙදියන් 64,430 දෙනකු සිටිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් දැනට එම රෝහල්වල සේවයේ යෙදී සිටින්නේ ඉන් හරි අඩකටත් අඩු සංඛ්‍යාවක්‌ වූ 28,000 ක පමණ පිරිසක්‌ බව සමස්‌ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ පැවසීය.

මේ අනුව රජයේ රෝහල්වල හෙද හෙදියන් 36,430 දෙනකුගේ පමණ උග්‍ර හිඟයක්‌ පවතින අතර එම රෝහල්වල එක්‌ හෙදියකට හෙදියන් තිදෙනකුගේ කාර්යයන් කිරීමට සිදුවී තිබේ. හෙද හිඟය මඟහැරවීම සඳහා දැනට වාර්ෂිකව හෙද පුහුණුවට බඳවා ගනු ලබන 1000 කගේ සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර අඩුම වශයෙන් 5000 ක්‌ වත් වාර්ෂිකව හෙද පුහුණුවට බඳවා ගැනීම කාලීන අවශ්‍යතාවක්‌ බව ඔහු අවධාරණය කළේය.

හෙදියන් ක්‍රමවත්ව පුහුණු කිරීම සඳහා දැනට හෙද පුහුණු විදුහල්වල පවතින 205 ක්‌ පමණ වන හෙද ආචාර්යවරුන්ගේ හිඟය මඟහැරවීමට පියවර ගත යුතු බවද කුමාරසිංහ කීවේය.

හෙද හිඟය පියවීම, නව හෙද ව්‍යවස්‌ථාවක්‌ ස්‌ථාපිත කිරීම, අනතුරු, නිදි වර්ජිත හා ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 5000 ක්‌ ලබා දීම ඇතුළු හෙද ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කර වසරක පමණ කාලයක්‌ ගත වී ඇතත් ඒවාට විසඳුම් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් එයට විරෝධය පාමින් ලබන අඟහරුවාදා (23 දා) උදැසන 10.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට හෙද උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2183619630091939022

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item