යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ජනපතිගේ උපදෙස්‌ පවා පිළිගන්නේ නෑ - ඕෂධී හේවාමද්දුම

ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස්‌ පවා පිළිනොපදින ඇමැතිවරුන් යහපාලන රජය තුළ සිටින බව රංගන ශිල්පිනී ඕෂධී හේවා මද්දුම ඊයේ (18 වැනිදා) පැවසුවාය. ...

ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස්‌ පවා පිළිනොපදින ඇමැතිවරුන් යහපාලන රජය තුළ සිටින බව රංගන ශිල්පිනී ඕෂධී හේවා මද්දුම ඊයේ (18 වැනිදා) පැවසුවාය.

"යහපාලනයේ අයහපත් ඵල විඳිනා දරුවන් දැක දුක්‌ කඳුළු සලනා අම්මාවරුනේ" යන්න තේමා කරගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආසන බලමණ්‌ඩල සාමාජිකාවන් විසින් ඊයේ ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇය මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හේවාමද්දුම මහත්මිය මෙසේද කීවාය.

අද යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ජනාධිපතිවරයා දෙන උපදෙස්‌ පවා පිළිගන්නේ නැහැ. පසුගිය අයවැය මගින් ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථ සඳහා සියයට 50 ක බද්දක්‌ අයකරන්න මුදල් ඇමැතිවරයා කටයුතු කර තිබුණා.

පසුව එම බදු මුදල සියයට 5 දක්‌වා අඩුකිරීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා. නමුත් මේ වන තෙක්‌ බදු මුදල අඩුවී නොමැති බව ඉලෙක්‌ටි්‍රක්‌ මෝටර් රථයක්‌ මිලදී ගැනීමට යන ඕනෑම අයකු දන්නවා.

ඒ ගැන මෝටර් රථය මිලදී ගන්නා ආයතනයෙන් විමසූ විට ජනාධිපතිවරයා විසින් බද්ද අඩුකළ බවට කැබිනට්‌ තීරණයක්‌ ගෙන ඇතත් ඊට අදාළ ගැසට්‌ නිවේදනය මෙතෙක්‌ නිකුත් කර නොමැති නිසා බද්ද අඩුකළ නොහැකි බව පවසනවා.

මේකයි රටේ තත්ත්වය. ජනාධිපතිවයරයා දෙන උපදෙස්‌ පවා අද රටේ වගකිවයුතු ඇතැම් ඇමැතිවරුන් පිළිනොගන්නා තත්ත්වයට පත්වීමෙන් යහපාලනයේ තරම ජනතාවට ඉදිරියේදී තවත් හොඳට දැකගන්න පුළුවන් වේවි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2794641858476754856

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item