මහ බැංකු අධිපති අද කෝප් කමිටුවට කැඳවයි
මහත් ආන්දෝලනයකට ලක්වූ බැඳුම්කර සිද්ධියට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නිලධාරීන් අද (25) පාර...

http://www.sathhanda.com/2016/02/blog-post_853.html

බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කෝප් කමිටුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අදාළව කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් අද පාර්ලිමේන්තුවට කැඳවා තිබෙන බව එම කමිටුවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.
මීට පෙර අවස්ථාවකද බැඳුම් කර සිද්ධියට අදාළව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.
මීට අමතරව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඊයේ (24) කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ලබන 26 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පෙරේදා (23) කෝප් කමිටුව හමුවට කැඳවා එහි කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.
Related