කතාව ඉල්ලා අස්‌කර නොගත්තොත් නලින් බණ්‌ඩාරට එරෙහිව කෘ.ප.නි.ස. උද්ඝෝෂණ
හොරුන් - කඩාකප්පල්කාරයන් ලෙස හංවඩු ගසමින් දිවයින පුරා සේවය කරනු ලබන 9600 ක් පමණ වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට කුරුණෑග...

http://www.sathhanda.com/2016/03/blog-post_42.html
හොරුන් - කඩාකප්පල්කාරයන් ලෙස හංවඩු ගසමින් දිවයින පුරා සේවය කරනු ලබන 9600 ක් පමණ වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්‌සේ කරන ලද අපහාසාත්මක චෝදනාව වහා ඉල්ලා අස්‌කර නොගත හොත් සමස්‌ත කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලබන බදාදා (09 දා) කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ සභාපති එච්. එම්. නවරත්න හේරත් පැවසීය.
වාරියපොල - මල්වාන හෝටලයේ ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සභාපතිවරයා - පොහොර සහනාධාරය පිළිබඳව ගොවියන් කුලප්පු කිරීම හා ගොවීන්ගේ මනස විකෘති කිරීම පිටුපස සිටින්නේ අපි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එසේම පසුගිය කාලයේ පොහොර ප්‍රවාහන කටයුතුවලදී නිලධාරීන් ගාණක් සාක්‌කුවේ දමාගත් බව පවසමින් ඔහු අපේ නිලධාරීන්ට දැවැන්ත මඩ ප්‍රහාරයක් පසුගිය 3 වැනිදා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් එල්ල කරා.
9600 ක් පමණ වන කෘෂි පර්යේෂණ නිලධාරීන් හොරු හෝ වංචාකාරයන් හෝ කඩාකප්පල්කාරයන් නොවෙයි. අදටත් මේ නිලධාරීන් කරන්නේ පැය 8 සේවයක් නොවෙයි. වැඩ බැලීමේ දීමනා කාර්යාල දීමනා මේ කිසිවක් මොවුන්ට නෑ. එසේම අපේ සංගමයට කිසිසේත් දේශපාලනයක් නෑ. අපි ගිය රජයටත් සේවය කළා මේ රජයටත් සේවය කරනවා. මේ පොහොර වැඩපිළිවෙළ අපි විසින් සකස් කළ දෙයක් නොවෙයි. මෙම වැඩපිළිවෙළේ අසංවිධාන බව අඩුපාඩු අපේ පිටින් යවන්න හදන්න එපා. රජය මේ මන්ත්‍රීවරයාගේ කට කැඩිච්ච කතා මගින් නිලධාරීන් අවුස්‌සා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කොට මුදල් දීමට නොහැකි වූයේ මේ නිලධාරීන් නිසා යෑයි ඇඟිල්ල දිගු කිරීමට කළ කුමන්ත්‍රණයක් ලෙසයි අප මේ තත්ත්වය දකින්නේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ මෙම සාවද්‍ය ප්‍රකාශය වහා ඉල්ලා අස්‌කර නොගතහොත් දීපව්‍යාප්ත විරෝධතාවයක් ලබන බදාදා (9 දා) අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
Related