අගමැති කීවේ සම්පූර්ණයෙන් බොරුවක් - ආණ්ඩුවේ ණය බර ගැන මහින්දගේ නිවේදනය

රජය මුහුණ දී සිටින බව කියන ණය අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) නිවේදනයක් නිකුත් කළා. ...

රජය මුහුණ දී සිටින බව කියන ණය අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ මෙම ණය අර්බුදයට හේතුව තම පාලන සමයේ ලබාගත් ණය බවට වත්මන් ආණ්ඩුව කරන ප‍්‍රකාශ අසත්‍ය ඒවා බවයි. මෙම ණය අර්බුදය ඇති වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව ලබාගත් ණය හේතුවෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඉකුත් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6361ක් ද ඉක්මවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ණය ප‍්‍රමාණය මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යන සියලූ සංවර්ධන ව්‍යාපෘතීන්ට තම පාලන සමයේ ලබාගත් මුළු ණය ප‍්‍රමාණයට ද වඩා වැඩි බව මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 70ත්, 75ත් අතර ප‍්‍රමාණයකින් පහළ ගිය බවද අදාළ නිවේදනයේ සඳහන්. එයින් ඉකුත් වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 2500ක් ඉතිරි කරගැනීමට රජයට හැකි වූ බවද එසේ තිබියදීත් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට ආණ්ඩුවට නොහැකි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජාත්‍යන්තර ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ස්ථානය පහළ වැටුණේ ද ආණ්ඩුවේ මෙම නොහැකියාව නිසා බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරියේදී තව තවත් බදු වැඩිකිරීම් සුබසාධන සහ සහන කප්පාදු කිරීම්, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩිවීම් සිදුවනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විරැුකියාව ද තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින් බලන්න








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7135048756971916454

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item