පාතාලය ලංකාවට ගෙන්වාගෙන දැන් කනවෝ කනවෝ කියා කෑගසනවා - මහින්ද රාජපක්‍ෂ
අපේ කාලයේ රට හැර ගිය පාතාල සාමාජිකයන් සමහර දේශපාලනඥයන්ගේ වුවමනාවට යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන දැන් කනවෝ... කනවෝ.... කියා කෑගසනවා යෑයි හිටප...

https://www.sathhanda.com/2016/03/blog-post_83.html
අපේ කාලයේ රට හැර ගිය පාතාල සාමාජිකයන් සමහර දේශපාලනඥයන්ගේ වුවමනාවට යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන දැන් කනවෝ... කනවෝ.... කියා කෑගසනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (7 දා) කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මත්කුඩු උවදුර මර්දනය කළහොත් පාතාලය ඉබේම අහෝසි වන බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාතාලය බොහෝදුරට මැඬපැවැත්වූ බව ද කීය.
දැඩි අධිෂ්ඨානයෙන් පාතාලය මර්දනයට පියවර ගතහොත් එය කළ හැකි බව ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
පසුගිය මැතිවරණ සමයේදී ඇතැම් දේශපාලනඥයන් තම සහායට පාතාල සාමාජිකයන් ගෙන්වා ගෙන ඇති බව කී හෙතෙම දැන් ඔවුන්ම කනවෝ... කනවෝ... කියමින් කෑගසන බව ද පැවසීය.
Related