ජාත්‍යන්තර කාන්තා දිනයට ජනපතිගෙන් නිවේදනයක්
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාව එය සමරන්නේ ‘සවිබල කතක් - තිරසර හෙටක්’ යන තේමාව යටතේයි. කාන්තාව ආර්ථික වශයෙන් මෙන්ම ...

http://www.sathhanda.com/2016/03/blog-post_85.html
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාව එය සමරන්නේ ‘සවිබල කතක් - තිරසර හෙටක්’ යන තේමාව යටතේයි. කාන්තාව ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද සවිබල ගැන්විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා සුරක්ෂිත රැකියා ඉලක්ක කරගත් දියුණු අධ්‍යාපන සහ වෘත්තීය නිපුණත්වයක් කාන්තාවන්ට ලබාදිය යුතු බවයි. සමාජ නායකත්වය කරා පැමිණීමට කාන්තාවට ඇති නීතිමය හා සමාජ බාධක ඉවත් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසනවා. ඒ කෙරෙහි වත්මන් ආණ්ඩුව වැඩි ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
විගමනික සේවිකාවන්, ඇඟලූම් සේවිකාවන් සහ අපනයන වැවිලි වතු කම්කරුවන් ලෙස කාන්තාවන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙනවා. එහෙත් මෙම රැකියා බොහෝමයක් අනාරක්ෂිත බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වන්නේ.
මෙම රැකියාවලදී කාන්තාව සූරාකෑමට ලක්වන බවද ජනාධිපතිවරයා පවසනවා. ලොව ප්‍රථම අගමැතිනිය ද ශ්‍රී ලංකාවෙන් බිහිවුවත්, ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද තවදුරටත් ගැටලූ පවතින බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
Related