රටපුරා විදුලිය බිඳ වැටුණු හැටි
දිවයින පුරා අද පස්වරුවේ සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව සෙවීම සඳහා මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. බියගම උප පොලක සිදුවූ ...

http://www.sathhanda.com/2016/03/blog-post_921.html
දිවයින පුරා අද පස්වරුවේ සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව සෙවීම සඳහා මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. බියගම උප පොලක සිදුවූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු ඇති බවට දැනට සැක කෙරෙනවා.
විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. දිවයින පුරා මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූයේ අද පස්වරු 02 .30 ට පමණයි. ඉන් පැය එකහමාරක පමණකට පසු ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්වයට පත් කෙරුණා. එහෙත් සුළු වේලාවකින් එම ප‍්‍රදේශවලටද විදුලිය විසන්ධි වූ බවයි පැවසුවේ. අඩු වෝල්ටීයතාවයකින් විදුලිය නිකුත් කිරීම ඊට හේතුව බව විදුලිබල මණ්ඩලය පැවසුවා.
බියගම උප පොලේ සිදුවූ කාර්මික දෝෂයත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයද ස්වයංක‍්‍රීයව නතර වී තිබෙනවා.
Related