ඒකාබද්ධ විපක්‍ෂයේ රැලියට යැමට මහින්ද ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීන්ට අවසර නෑ - ඇමැති දුමින්ද දිසානායක
ජාතික ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම විසින් ලබන 17 දා කොළඹදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගි වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කි...

https://www.sathhanda.com/2016/03/duminda-dissanayake.html
ජාතික ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ කණ්‌ඩායම විසින් ලබන 17 දා කොළඹදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගි වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට පක්‍ෂය අවසර දී නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පැවසීය.
කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම නිසා මෙම රැලියට ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් සහභාගි වීමේ අවශ්‍යතාවක් නැති බවත් හෙතෙම කීය.
මෙම තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අදාළ වන බවද දුමින්ද දිසානායක කීය.
පක්‍ෂයේ තීරණයට අභියෝග කරමින් මාධ්‍ය ඉදිරියේ වීරයන් වන්නට යම් කිසිවකු කටයුතු කළහොත් පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවද හෙතෙම කීය.
Related