රාජපක්ෂ කල්ලිය නිසා පනතේ විවාදය නැති උනා - බිමල් රත්නායක

අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත සම්බන්ධයෙන් විවාද කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කල්ලියේ කඩකප්පල්කාරී ක්‍රියා නිසා ...

අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත සම්බන්ධයෙන් විවාද කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කල්ලියේ කඩකප්පල්කාරී ක්‍රියා නිසා බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක  පවසයි.

අද(15)පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඩීල් එක ඇත්තේ මෙම රාජපක්ෂ කල්ලිය හා රනිල් වික්‍රමසිංහ මහතා අතර බව මෙයින් පැහැදිලි වුණු බවයි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

1971 සිට අතුරුදහන් කිරීම් පිළිබඳව අවම වශයෙන් හෝ යුක්තිය ඉටුකිරීමේ කි‍්‍රයාවලියක් තිබුණේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පැවති එජාප සහ ශ්‍රීලනිප ආණ්ඩුවලින් අතුරුදහන් වූවන් පිළිබඳව යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මැදිහත් වුණා. එම ආණ්ඩුවලින් ස්ථාපිත කළ රාජ්‍ය ආයතනවලට සාක්‍ෂි ඉදිරිපත් කළා. 1978 බලයට පත් ආණ්ඩුව ස්ථාපිත කළ කොමිසමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 71 සිදුවීම් පිළිබඳව සාක්‍ෂි ලබාදුන්නා. එවකට ශී‍්‍රලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද සිදුවීම් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය තමයි කොමිසමක් ඉදිරිපත් කළේ.

86 සිට 90 දක්වා සිදුවූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පත්කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කොමිසමට අපේ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සාක්‍ෂි ලබාදුන්නා. ඒ එම කොමිසමේ අඩුපාඩු පිළිබඳව විවේචනයක්ද සහිතවයි. ඒ වගේම එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා වූ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා අතුරුදහන් වූ ශිෂ්‍යයන් පිළිබඳව චන්ද්‍රිකා මැතිණියගේ කොමිසමට සාක්‍ෂි ලබා දුන්නා. ඒ, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාලනයක් යටතේ ස්ථාපිත කළ කොමිසමක් ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3546882033302850800

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item