පාර්ලිමේන්තු සභා ගැබේ රනිල් මලික් එක්ක දාපු ඩීල් එක ගැන ගම්මන්පිල කතා කරයි

අතුරුදහන් වූන්‍න් සම්බන්දයෙන් සොයා බැලීම සම්බන්දයෙන් කාර්යාලයක් පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දිනයේදී උදය ඒකාබද්...

අතුරුදහන් වූන්‍න් සම්බන්දයෙන් සොයා බැලීම සම්බන්දයෙන් කාර්යාලයක් පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දිනයේදී උදය ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සභා ගැබ මැද සිටියදී ගන්නා ලද පින්තූර සම්බන්ධයෙන් මන්ත‍්‍රී උදය ගම්මන්පිල  සිය ගිණුමේ තබා ඇති සටහනකි මේ.

එජාපය විසින් අන්තර්ජාලයට එක් කළ පසුව එජාපයේ ලණුව කමින් අප සමග සිටින බව පෙන්වන සමහරුන් comments සමග ෆේස්බුක්හි පල කරන ඡායාරූප දෙකක් පිලිබඳ සැබෑ කතාව හෙලි කරන මෙන් සමහරු මගෙන් ඉල්ලා සිටින ලදී.

මෙහි පළමු ඡායාරූපය ගන්නා ලද්දේ අපේ උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තුව පැයකට වඩා කල් තබා තිබුණු අවස්ථාවේය. උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ දී ද එජාප සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යතුමන් සිටියේ අප අතරය. අගමැතිගේ නියෝජිත ලෙස අපේ පක්ෂ නායකයින්ට කතා කරමින් විවාදය කර ගෙන යෑමට අතරමැදි විසඳුමක් සොයා ගැනීම ඔහුගේ අරමුණ විය. එදින රාත්‍රි 12 වන තුරු හෝ පාර්ලිමේන්තුව පවත්වා අපට කාලය ලබා දීම ඔහුගේ විසඳුම වුවත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන මෙන් අපි ජනපතිගෙන් ඉල්ලා සිටි බැවින් අගෝස්තු තෙවන සතිය තෙක් කල් දමන මෙන් අපි බල කලෙමු.

මලික් සමරවික්‍රම අමාත්‍යතුමන් සහ මා කතා කරමින් සිටි තැනට ගීතා මන්ත්‍රිතුමිය පැමිණි අතර ඔවුන් වසර 40කට වැඩි කාලයක් මිතුරන් බව පැවසූහ. ඒ අවස්ථාවේ මලික් සහ ගීතාගේ ඡායාරූපයක් ගැනීමට නලින් බණ්ඩාරට මන්ත්‍රිවරයාට අවශ්‍ය විය. එය සෙල්ෆියක් නොව නලින් මන්ත්‍රිතුමන් ගත් ඡායාරූපයකි. ඡායාරූපය ගන්නා අතරේ මලික් සමරවික්‍රම අමාත්‍යතුමන් සම්බන්ධයෙන් නලින් මන්ත්‍රිතුමන් කළ විහිළුවකට කාටත් සිනා පහල විය. ඒ මොහොතේ අප සිටියේ ජයග්‍රාහීවය. අපේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස විවාදය කල් තබනවාදැයි තීරණය කිරීමට කතානායකතුමන් විසින් පක්ෂ නායක රැස්වීමක් පවත්වමින් තිබුණු අවස්ථාවකය (අපෙන් ඊට සහභාගි වූයේ දිනේෂ් මන්ත්‍රිතුමාය). එසේ නැතත් විහිළුවක් කළ විට මුහුණේ සිනාවක් ඇඳීම නම් නැවැත්විය නොහැක. නමුත් මෙම අවස්ථාව කුමක්දැයි අපෙන් ප්‍රශ්න නොකර පනත සම්මත වීමෙන් පසු අප සිනා මුසුව සිටින බවට චෝදනා නැගීම කුහක කමකි.

දෙවන ඡායාරූපය රැගෙන ඇත්තේ එජාප පසු පෙළ මන්ත්‍රිවරයෙකු බව එහි ඇති මයික්‍රෆෝනය සහ කැමරා කෝනය අනුව නිගමනය කළ හැක. කතානායක හදිසියේම පනතට ඡන්ද විමසන අවස්ථාවේ අප සිටියේ සබා ගැබ මැදය. පාර්ලිමේන්තු කටයුතු අවසානයේ දී දිනේෂ්, වාසු, සනත් නිශාන්ත යන මන්ත්‍රිතුමන්ලා සහ මා සිටින ස්ථානයට අගමැතිතුමන් සහ මලික් සමරවික්‍රම අමාත්‍යතුමන් පැමිණ පනත හදිසි කිරීමට ඔවුන්ට සිදු වුණේ ඇයිදැයි විස්තර කළහ. එහි ඇති භයානක කම අපි පැහැදිලි කළෙමු.

සමහරුන්ට එම සාකච්ඡාව රණවිරුවන් පාවා දීමේ ඩීල් එකකි. අනාගත එක්ටා ද පාවා දීමේ ඩීල් එකකි. පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු කාරක සභා සහ කමිටු වල දී සාකච්ඡා පවත්වති. ඒ මහජන නියෝජිතයින් පත් කර එවන්නේ රාජ්‍ය පාලනය පිලිබඳ සාකච්ඡාවෙන් සම්මුති වලට එළැඹීමටයි. අප ගැටුම් වලට යන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එසේ සම්මුති වලට එළැඹීමට නොහැකි වූ විටයි. සබා ගැබ මැද පමණක් නොව පාර්ලිමේන්තු කටයුතු වලට අමතරව ආපන ශාලාවේ දී මෙන්ම ආලින්ද වල දී ද දෙපාර්ශවයේ මන්ත්‍රිවරු සුහදව කතා කරන බව සඳහන් කළ යුතුය.

අප ඩීල් දැමීමට නම් සබා ගැබ මැද සාකච්ඡා කළ යුතු ද? රහසිගතව සාකච්ඡා කර මිස සබා ගැබ මැද ප්‍රසිද්ධියේ සාකච්ඡා කර ඩීල් දැමීමක් පිළිබඳ මා නම් මීට පෙර අසා නැත. බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන මා රක්ෂිත බන්ධනාගාර ගත කලේ හොර ඩීල් නිසා ද? මෙනන්ජයිටීස් රෝගයට ගොදුරු වුණු මගේ ලොකු පුතා ඇතුළු දරු දෙදෙනා පමණක් ගෙදර සිටිය දී ආණ්ඩුවේ හෙංචයියෝ මගේ නිවස වට කර උද්ඝෝෂණ පවත්වන්නේ ඩීල් නිසා ද? මගේ බිරිඳව පොලීසියෙන් පදනම් විරහිතව ප්‍රශ්න කරමින් එයට පොලීසිය විසින්ම දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ඩීල් නිසා ද? අවසානයේ දී වෛද්‍ය උපදෙස් මත මගේ දරුවන් සමග බිරිඳ විදේශ ගත වී මා මාස අටක් නිවසක හුදකලාව කල් ගෙවන්නේ ඩීල් නිසා ද? නිරතුරුව මාධ්‍ය හරහා අපට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ඩීල් නිසා ද?

හාන්සි පුටු ක්‍රියාකාරින්ට නිදි මත එන තුරු තමන් දකින ඡායාරූප පිලිබඳ විවිධ මත පල කළ හැක. මේ අරගලය තුල අප පෞද්ගලිකව විඳනා ගැහැට දන්නේ අප පමණි. එය අගය නොකලාට කම් නැත. නමුත් එජාජය විසින් අන්තර්ජාලයට එක් කළ ඡායාරූපයන් ප්‍රසිද්ධිය ලබා දෙමින් ට්‍රොජන් අශ්වයින් ලෙස කටයුතු කර අප පිල තුල අවිශ්වාසයන් ගොඩ නැගීම නම් අනුමත කළ නොහැක.

– උදය ගම්මන්පිල




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3690508240602426395

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item