යල කන්නයේත් ගොවියෝ අමාරුවේ

මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත අතර තමන්ද වී මිලදී ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. මෙවර ආණ්ඩුව සූදානම් වන්නේ වී ...

මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත අතර තමන්ද වී මිලදී ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මෙවර ආණ්ඩුව සූදානම් වන්නේ වී මෙටි‍්‍රක් ටොන් 1,20,000ක් මිලදී ගැනීමටය. එහෙත් සාමාන්‍යයෙන් යල කන්නයේ වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 25,00,000ක් පමණ වන බැවින් ආණ්ඩුව මිලදී ගන්නේ සමස්ත වී අස්වැන්නෙන් 5%කටත් අඩු ප්‍රමාණයකින්. එය කිසිසේත්ම වී වෙළෙඳපොළට බලපෑම් කළ හැකි ප්‍රමාණයක් නොවේ. 
 
කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ කීරි සම්බා කිලෝවක් රුපියල් 50කට, සම්බා කිලෝවක් රුපියල් 41කට සහ නාඩු කිලෝවක් රුපියල් 38කට මිලදී ගන්නා බවයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශය වී මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 25ක පමණ මිලකටය. කුඹුරු අක්කරයක් වගා කිරීමට යන වියදමට සාපේක්ෂව බැලූ කල මෙම පහළ අගයක පවතින වී මිල ගොවීන්ට තමන්ගේ වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. අඩු මිලට වී මිලදී ගන්නා මෝල් හිමියන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද ආණ්ඩුව කිසිදු අවස්ථාවක කටයුතු නොකිරීමද මෙම තත්වය උත්සන්න වීමට බලපා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4240075162312956178

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item