දීර්ඝ කඹ ඇදීමකින් පසුව යුධ හමුදාපතිට තවත් වසරක් පුටුවේ ඉන්න අවසර

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා...

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දීර්ඝ කිරීම සිදු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එමෙන්ම මෙම මස අගෝස්තු (22) දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවා දිගුව වලංගු වන බව සඳහන්ය.
 
හමුදාපතිගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරනවාද නැතිද යන්න ගැන ආණ්ඩුව තුල පසුගිය කල සීමාවේ දැඩිව කතා බහට ලක්වුණි. ඒ සඳහා මී ලඟට පෙරමුණේ සිටින සහ නොසිටින කිහිප දෙනෙකුම දේශපාලන පන්දම් අල්ලමින් හමුදාපතිකම ගැනීමට මහත් වෙහෙසක් දරනු පෙනුනි. සැබවින්ම එය ජුගුප්සාජනකය. එජාප හිතවත් පිරිස තම කෙනෙකුත් ශ්‍රීලනිප හිතවත් පිරිස් තම කෙනෙකුත් මීට අමතරව සරත් ෆොන්සේකා තමන්ට හිතවත් පසුගිය කාලයේ හමුදාවෙන් නෙරපා සිටි පුද්ගලයෙකුත් හමුදාපති කිරීමට වෙහෙසුණි.
ඒ අතර ලංකාඊනිව්ස් ද සුපුරුදුලෙස නොවැදගත් කරුණු ගෙන දක්වමින් හමුදාපති පත්කිරීමට මැදහත් වෙනු පෙනුනි. එය හුදෙක්ම මීලග හමුදාපති වෙන්න සිතා සිටි අයෙකුගේ පහත් මාධ්‍ය ව්‍යාපාරයකි. 
 
මේ සියල්ල මැද  මේ කාලය දිගු කිරීමත් සමග මීලගට ලැයිස්තුවේ පෙරමුණේ සිටින බොහෝ දෙනෙකුට තම අවස්ථාවන් එන විට විශ්‍රාමික වයස සම්පුර්ණ වීම හේතුවේන් හමුදාපති කම ගැනීමට නොහැකි වනු ඇත.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 96562229251169125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item