ශ්‍රී ලංකාව සහ Huawei අතර සබඳතා තවදුරටත් තර වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා Huawei මූලස්ථානයේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අම...

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා Huawei මූලස්ථානයේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ Huawei අතර අවබෝධතා ගිවිසුමකට ද එළැඹෙයි.

චීනයේ ෂෙන්ෂෙන් හි පිහිටි Huawei මුලස්ථානයේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයාගේ ගේ අධීක්ෂණය යටතේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.මෙම අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරියේදී මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා Huawei හි සහයෝගය හිමිවනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා Huawei හි නවතම තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණ ශාලාව නැරඹු අතර Huawei හි ජ්‍යෙෂ්ට උප සභාපති ලී ජින්ග් මහතා සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලොව ප්‍රමඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Huawei හි උසස් තොරතුරු තාක්ෂණය සහ නවීනත්වය පිළිබඳ මහත් ප්‍රසාදයක් ඇතිවන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීමට Huawei හි සහයෝගය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ බව ද හෙතම සඳහන් කළේය.

Huawei හි ජ්‍යෙෂ්ට උප සභාපති ලි ජින්ග් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා අග්‍රාමත්‍යවරයාගේ ඉල්ලීමට ක්‍රියාශිලීව තම සමාගම ප්‍රතිචාර දැක්වූ බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථිකය නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීමට තම සමාගම සූදානම් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ දැනුම සහ පළපුරුද්ද අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විසඳුම් සපුරාලීමට තමන් සූදානම් බව ද හෙතෙම මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ දැනුම සංවර්ධනය කිරීම වේගවත් කීරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ අනුව මේ වසර තුළදී පාරිභෝගික විසඳුම් ඒකාබද්ධ කිරීම සඳහා නවීනතම මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහටුවීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව Huawei සතුව ඇති ජාත්‍යන්තර පළපුරුද්ද හා අත්දැකීම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයා සමඟ අත්හදා බැලීමට එම මධ්‍යස්ථානය හරහා කටයුතු කරන බවද හෙතෙම කීය. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ඔස්සේ Huawei මූලස්ථනයේ විශේෂඥයින් හා සම්බන්ධ වීමට සහ අනිකුත් රටවල් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව සැලසෙන බවත් එමඟින් ක්ෂේත්‍රයේ දක්ෂයින් හා සම්බන්ධ වෙමින් නවීනත්වය සොයා යෑමට අවස්ථාව උදාවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂීයෑංලියෑං මහතා, මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ Huawei සහ ශ්‍රී ලංකා රජය අතර වන සහයෝගීත්වය ට උපරිම සහයෝගය ලබාදෙන බවයි.විශේෂයෙන් හම්බන්තොට ඉදිකෙරෙන ජත්‍යන්තර මූල්‍ය නගරය සහ කර්මාන්ත පුරය මෙහිදී විශේෂ වන බව හෙතෙම සඳහන් කළේය.මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා මෙහිදී කොළඹ නගරය ස්මාර්ට් නගරයක් බවට පත් කීරීම සඳහා වන යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ සැලසුම් සකස් කිරීම සඳහා එක්වන ලෙස Huawei වෙත ඇරයුම් කර තිබේ. මෙම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාව සහ Huawei අතර මෙරට තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ Huawei හී ජ්‍යෙෂ්ට උප සභාපති ලී ජින්ග් යන මහත්වරුන් ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

වසර 2005 දී Huawei මෙරට ව්‍යාපාර කටයුතු ඇරඹූ අතර එකල දේශීය ජංගම දුරකථන භාවිතය 16.85% ක් විය. ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා භාවිතය 0.4% ක් විය. පසුව වසර 11 ක් තුළ දී නවීනත්වය සහ ඩිජිටල් උපාංග හඳුන්වා දෙමින් දේශීය සේවා සැපයුම්කරුවන් හා එක්වූ Huawei වර්තමානය වන විට මෙරට ප්‍රමුඛතම වෙළඳ නාමයක් බවට පත්ව සිටියි. මේ වනවිට ජංගම දුරකථන භාවිතය 112% ක් වන අතර ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා 12% දක්වා වර්ධනය වී තිබේ. මෙම සීඝ්‍ර වර්ධනය තුළ මෙරට ජනගහණයේ 70% ක් දෙනා එකිනෙකාට යාකොට ඇත්තේ Huawei උපාංග මඟිනි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට දැන් අධි වේගී 4G තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට පිවිසිය හැකිය. දේශීය ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ Huawei දෙවන ස්ථානයට පත්වීම මඟින් මෙරට පාරිභෝගිකයා Huawei පිළිබඳව තබා ඇති විශ්වාසය තහවුරු වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමට ඇති හැකියාවද එමඟින් පැහැදිලි වෙයි. Huawei සතු ක්‍රමෝපාය, අඛණ්ඩ ආයෝජන, සීඝ්‍රයෙන් වර්ධනය වීම යන සුවිශේෂී ලක්ෂණ නිසා මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා Huawei සතු හැකියාව තවදුරටත් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ Huawei හි රැකියාලාභීන් 400 ක් පමණ සිටින අතර ඉන් 86% ක්ම ශ්‍රී ලාංකිකයින් වීඹ විශේෂත්වයකි. එමෙන්ම එමඟින් වක්‍ර රැකියා අවස්ථා 1000 ක් පමණ නිර්මාණය කර තිබේ. ගතවූ වසර 11 තුළදී විශාල පිරිසකගේ දේශීය තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා කටයුතු කර තිබේ. මේ යටතේ Huawei හි Seeds for the Future වැඩසටහන ක්‍රියාත්මක කරමින් 2016 වසර තුළ දී මෙරට විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙක් චීන සංචාරයක යෙදවීමටද අවශ්‍ය කටයුතු සකසා තිබේ. මෙම සිසුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම Huawei මූලස්ථානයෙන් ලබාගත හැකි අතර චීන සංස්කෘතිය පිළිබඳ බීජිං විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය හැකිය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 8038274843843661857

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item