යහපාලන රජයේ පළමු සංවත්සරය ජනපති අගමැති සමග අද මාතරදී සමරයි

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණු රජයේ පළමු සංවත්සර සැමරුම් උළෙල මාතරදී අද පස්වරුවේ පැවැත්වෙනවා.එ් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ...

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණු රජයේ පළමු සංවත්සර සැමරුම් උළෙල මාතරදී අද පස්වරුවේ පැවැත්වෙනවා.එ් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමරුම් උළෙලේ තේමාව වන්නේ ‘‘අලූත් රටක් එක ගමනක්’’ යන්නයි. සැමරුම් උළෙල සඳහා ජාතික ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමැතිවරුන්ද සහභාගි වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය එක්ව සැමරුම් උළෙල සංවිධාන කර තිබේ.

මේ වෙනුවෙන් මාතර පුරා පෝස්ටර් කටවුට් සවිකර තිබෙනු දක්නට ලැබුණි. යහපාලන රජය පත්වීමට පෙර පෝස්ටර් කටවුට් මහාපරිමාණයෙන් විවේචනය කරනු දක්නට ලැබුණි. මෙය හුදෙක්ම පාක්ෂික දේශපාලනයේ සමරුවක් වන හෙයින් මේ සඳහා වියදම් කරන මුදල් සහ යොදාගන්නා රාජ්‍ය සම්පත් "යහපාලනය" යන්නෙහි අරුතට කෙතරම් දුරට විග්‍රහ කලහැකියි යන්න නම් සක සහිතය.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6206173581775994999

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item