ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම 6%කින් ඉහළ ගිහින් - රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉතා වැදගත් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙන බවත්, දැනට රටවල් දෙක අතර වෙළෙඳාම 6.3% කින් ඉහළ ...

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉතා වැදගත් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙන බවත්, දැනට රටවල් දෙක අතර වෙළෙඳාම 6.3% කින් ඉහළ ගොස් ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

වාණිජ මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කළ ඉන්දු ලංකා ආර්ථික සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ රජයන් දෙකම ද්විපාර්ශවීය වෙළෙඳාම පුළුල් කිරීමේ උපායමාර්ගික සැලසුම් සකස් කරමින් සිටින බවත් මෙය ඉතිහාසයේ ඉතාමත් වැදගත් කඩඉමක් වනු ඇති බවත් ඔහු පවසනවා. පසුගිය වසරේ දී පමණක් මුළු ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇ.ඩො. බිලියන 4.91ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය කාලයේ දී ඉන්දියාවෙන් මෙරට නිෂ්පාදන ලබාගැනීම සැලකිය යුතු ආකාරයකින් වාර්ධනය වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙරට නිෂ්පාදිත බීජ වර්ග, ගම්මිරිස් හා නාවික යාත්‍රා මෙන්ම ප්‍රධාන අපනයනයක් වන ඇඟලුම් ද ඒ අතර වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එහෙත් පසුගිය ආණ්ඩු පෙරළියත් සමග ආනයනික ජපන් වාහන සඳහා පැනවූ අතිවිශාල බදු සහ ආනයනික ඉන්දියානු වෙළඳපලට ලබාදුන් බදු සහනය නිසා බොහෝ භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනු පෙනුනි. අමාත්‍ය වරයා මේ පවසන ඉහල යාම ආණ්ඩුව විසින් කෘතිමව ඇතිවුවක් මිස ඉන්දියානු භාණ්ඩ වල ඇති ගුණාත්මක භාවය නිසා මෙරට ජනයාගේ පාරිභෝජන රටාව ඔවුන් විසින් හිතා මතා වෙනස් කරගැනීමින් ඉන්දියානු වෙළඳපල ඉහල ගොස් නොමැත. එය හුදෙක් ශ්‍රී ලංකා රජයේ ඉන්දියානු හිතවත් ආර්ථික වැඩපිළිවෙල නිසා ඇති වුවකි.

එමෙන්ම මෙවන් මාධ්‍ය ප්‍රචාර නුදුරේදී අත්සන්කිරීමට නියමිත ETCA සඳහා මහජන මතය ඇතිකිරීම සදහා කරනු ලබන සුක්ෂම ක්‍රියාවන් විය හැකිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4760250734626649452

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item