උතුරේ අන්තවාදය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ඇතිදැයි සැකයි - රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන්

උතුරේ අන්තවාදය වපුරන පිරිස් සහ දකුණේ අන්තවාදය පතුරවන එකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ඇත්දැයි සැකයක් ඇති වන බව  ආරක්ෂක රාජ්‍ය අමාත්...

උතුරේ අන්තවාදය වපුරන පිරිස් සහ දකුණේ අන්තවාදය පතුරවන එකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ඇත්දැයි සැකයක් ඇති වන බව  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන  පවසයි. 
රණවිරු දරුවන් 550ක් වෙනුවෙන් ඉදිවන  කොළඔ, මැලේ විදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයීය  සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයේ  ඉදිකිරීමේ ප්‍රගතිය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව අද (08/18) මාධ්‍ය ඇමතු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන  සඳහන් කළේ වත්මන් රජය සංවර්ධනය සහ සහජීවනය ඇතිකිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්ට උතුරේ ඇතැම් දේශපාලඥයන් සහ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් සිටින බවයි. කුමන බාධා පැමිණියද වත්මන් රජයේ ජනතා හිතවාදි සංර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව පැවසුවේය.

වැඩිදුරට අදහස් දැක්වූ ඔහු, "හමුදාව පසුගිය රජය යොදාගත්තා වගේ වැලිකොට්ට කරගහන්න, පාරවල් අතුගාන්න , කාණු සුද්ද කරන්න යොදාගෙන නෑ. අභිමානය නැතිකරපු අය අද බොරුවට කෑ ගහනවා. අපි රට නිදහස් කරගත්ත රණවිරුවන්ට නිසි ගෞරය සහ පිළිගැනීම අනාගත සුබ සිද්ධිය ඇති කරමින් සිටිනවා. අපි රණවිරුවන් පාවා දී නැහැ අද ජාත්‍යාන්තර වශයෙන් පුහුණු ඉඩප්‍රස්ථා වැඩිවී තිබෙනවා. එහෙම වැඩපිළිවෙළක් දියත් කරද්දි රජයට බාධා කරන මේ උතුරේ සිටින ඇතැමි මහජන නියෝජිතයන් සහ  දකුණේත් එකාබද්ධ විපක්ෂය කියන පිරිස කියන කතා ඇහුවාම මේ දෙගොල්ල අතර යම් ගිවිසුමක් තියනවාද කියලා අපට සැක හිතෙනවා යයි" පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8184610883204876478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item