සම්මේලනයට යා යුතු නැහැ - ශ්‍රීලනිප බල මණ්ඩල රැසක් කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී...

http://www.sathhanda.com/2016/08/slfp_29.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
සම්මේලනය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය
නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහභාගි නොවිය යුතු බව ආසන
බල මණ්ඩල රැස්වීම් රැසකදී තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අනුරාධපුර, මහනුවර, රත්නපුර,
මාතර, කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්කවල ආසන බල මණ්ඩල කැඳවීම් මේ වනවිට අවසන්
කර ඇති අතර එහිදී පක්ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවට තීරණය කර ඇත. මීට
අමතරව මිනුවන්ගොඩ, දිවුලපිටිය, හම්බන්තොට, රක්වාන ගොඩකවෙල ආසන බල මණ්ඩලද
කැඳවා අදහස් විමසා ඇති අතර එහිදීද පක්ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවට
යෝජනා සම්මත කරගෙන ඇත.
මේ මස 31දාට පෙර අනෙකුත් සියලුම ආසන බල මණ්ඩල කැඳවා පක්ෂ සම්මේලනයට සහභාගි වීම සම්බන්ධයෙන් අදහස් විමසීමට නියමිතව ඇත.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පක්ෂ සම්මේලනයට සහභාගි වන්නේදැයි ආසන බල මණ්ඩල කැඳවා තීරණයක් ගැනීමේ එකඟතාවකට පසුගිය සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබිණි. ඒ අනුව මෙම රැස්වීම් සංවිධානය කර ඇත. මේ සතියේ තවත් ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නියමිතව ඇත.

Related