ශ්‍රීලනිප සංවත්සරයට මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නැ?

සැප්තැම්බර් 04 වැනිදා කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ හෝ මාලිගාපිටිය ක්‍රීඩාන්ගනයේ පැවැත්වෙන ශ්‍රීලනිප 65 වන සංචත්සරය සඳහා හිටපු ජනාදිපති ම...

සැප්තැම්බර් 04 වැනිදා කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ හෝ මාලිගාපිටිය ක්‍රීඩාන්ගනයේ පැවැත්වෙන ශ්‍රීලනිප 65 වන සංචත්සරය සඳහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත‍්‍රිවරුන් සහභාගී නොවීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත‍්‍රීන්ගේ ආසන සංවිධායක ධුර අහෝසි කිරීමත් දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂ ආන්ඩුවත් එජාප අගමැතිවරයාත් රැක ගැනීමට ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කටයුතු කරන තත්වයක් යටතේ සම්මේලනයට සහභාගී නොවිය යුතු බවට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් මේ වන විටත් සාකච්චා කරමින් තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ එස් එම් චන්ද්‍රසේන පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම සහභාගී නොවෙන බවය. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප අසන සංවිධායකින් ඉවත්කර ඇති මොහොතක සංවත්සරයට සහභාගීවීම කොහෙත්ම සිදුවිය නොහැකි බව මහින්ද රාජපක්ෂ මතාද තම සමීපයන්ට පවසා ඇති බවත් වාර්තා වෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7056000044730547198

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item