ධීවර අමාත්‍යාංශයට ගෙන්වූ කෝටි 2 ක අලුත්ම රථයට වුණ දෙයක්‌ නෑ

ධීවර අමාත්‍යාංශයේ උසස්‌ නිලයකට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකක්‌ පමණ වටිනා අලුත්ම මෝටර් රථයක්‌ අස්‌ථානගත වීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය පරීක්...

ධීවර අමාත්‍යාංශයේ උසස්‌ නිලයකට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකක්‌ පමණ වටිනා අලුත්ම මෝටර් රථයක්‌ අස්‌ථානගත වීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. 

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකට ලබාදීමට ගෙන්වා ඇති මෙම රථය ඇයට ලබාදීමට පෙර අස්‌ථානගත වී ඇතැයි අමාත්‍යාංශය සිදු කළ විමර්ශනයකදී මේ වනවිට හෙළි කරගෙන ඇත.

අස්‌ථානගත වූ මෙම මෝටර් රථය සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන්a කළ විමසීම්වලදී මෝටර් රථයක සේaවාවන් සපයා ගැනීම සඳහා වෙනත් ස්‌ථානයකට භාරදී ඇති බවට අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය පවසන නමුත් එකී ස්‌ථානයේ ද මෙම රථය නැති බවට අනාවරණය වී තිබේ.

ප්‍රවාහන අංශයෙන් මේ සඳහා අවශ්‍ය ලිපි ගොනු හෝ මෙතෙක්‌ ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බැවින් එම වාහනය අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශය පරීක්‍ෂණ තවදුරටත් පුළුල් කර තිබේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 284550651413204090

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item