අපි කුරුණෑගල යන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවන වග නිල වශයෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවන වග නිල වශයෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ අද(02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව ආසන බල මණ්ඩල කැඳවා සාකච්ඡා කළ බවයි.එහිදී පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හා සභාපතිවරුන්ගේ සංසඳය මෙන්ම පළාත් සභා නියෝජිතයින්ගේ සංසඳය යන සංසඳ සමගද සාකච්ඡා කළ බවත් ඒ මගින්ද සංවත්සරය සඳහා සහභාගී නොවන බවට තීරණය වූ බවත් ඒ මහතා පවසයි. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන කරුණු 3ක් මූලික කරගනිමින් ශ්‍රී ලංකා නිදහක් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගී නොවීමට කටයුතු කරන බව ඒකමතිකව තීරණය කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

එජාපයට ගැති දේශපාලන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම හා ශ්‍රිලනිප එජාපයේ කිහිලිකරුවක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා පවසයි.එමෙන්ම දශක ගණනාවක් පැවති යුද්ධය අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා, චරිත ඝාතන, මඩ හා අවලාද වලට විරෝධය පළ කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීම තවත් එක් හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව ශ්‍රීලනිප නිවරදි මාවතකට යොමු කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගැනීමට තවත් එක් හේතුවක් වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ශ්‍රීලනිපයේ 66 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රීලනිපය සිරිකොතෙහි ශාකාවක් බවට පත්වීම වැළැක්වීම තවත් එක් හේතුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

යුද්ධය අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය දිනවල විවිධ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන ඇතැම් ද්‍රවිඩ වෙබ් අඩවි හරහා සිදු කළ මඩ ප්‍රහාරයන්ට විරෝධය පළ කරන බවද ඒ මහතා පවසයි.එමෙන්ම ඊයේ(01) දිනයේ සහ අද(02) දිනයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේට විදේශීය වශයෙන් විවිධ ආකාරයේ චෝදනාවන් සිදු වූ බවත්, ඒ මහතාගේ අනුරුවට ගිනි තබා විරෝධය පළ කළ බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන ඇතැම් ද්‍රවිඩ වෙබ් අඩවි හරහා ඒ මහතා ගිනි තියා මදි මරා ගිනි තැබිය යුතු බවට වාර්තා වූ බවත් ඔහු පෙන්වා දෙයි.එමෙන්ම ඒ මහතා මැලේසියාවට ගියේ කමාන්ඩෝ ආරක්ෂාව නොමැතිව බවත්, පොලිස් රාළහාමිලා ටිකක් ඒ මහතාගේ ආරක්ෂාවට ඇති බවට ඇතැම් පිරිස් කියා සිටින බවත් ඒ මහතා පවසයි.එමෙන්ම මැලේසියා රජය විසින් ඒ මහතාගේ ආරක්ෂාව පිළිබඳව වගකීමක් දරාවි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.පැවති යුද්ධයෙන් 75%ක් චන්ද්‍රිකා අවසන් කළ බවත්, ඉතිරිය ෆොන්සේකා අවසන් කළ බව ඔවුන් පවසන බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ අවස්ථාවට එක් වූ පාරලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලනිප එජාපයට උකස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි. ඊනියා ජාතික ආණ්ඩුව විසින් බණ්ඩාරනායන ප්‍රතිපත්තිවලට පයින් ගසා ඇති බවත් එතුමිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 355288151207579286

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item