කෘෂි කාර්මික කටයුතුවලට අඩු මිලට විදුලිය

කෘෂි කාර්මික කටයුතු සඳහා අඩු මිලට විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවස...

කෘෂි කාර්මික කටයුතු සඳහා අඩු මිලට විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවලදී ජලය පොම්ප කිරීම සඳහා රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිලට විදුලිය සැපයීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලබන මස 01 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර පළමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටියේය.

බදුල්ල ප්‍රදේශයේ පැවති විදුලි ජංගම වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4768022970578089911

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item