සිසුවියන් සිව්දෙනෙකුට අතවර කළ විදුහල්පති දැලේ

16 හැවිරිදි ශිෂ්‍යාවන් 4 දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි සැකපිට 44 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද(30)ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....

16 හැවිරිදි ශිෂ්‍යාවන් 4 දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි සැකපිට 44 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද(30)ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අතරවයට ලක්ව ඇත්තේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් යහලවෙල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ හා 11 වන ශ්‍රේණියේ ‍ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් සිව් දෙනෙකි.

විද්‍යාලයේ බුදුමැදුරේදි හා ගුරුවිවේකා ගාරයේදි මෙම ශිෂ්‍යාවන් වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඔවුන් විසින් මේ සිද්ධිය පිළිබඳව මව්පියන් ට හා ගුරුවරුන්ට පවසා ඇතැයි වාර්තා වෙනවා.

අනතුරුව ඔවුන් මව්පියන් සමග පොලිසියට පැමිණ තමාට වූ හිංසනය පිළිබඳ පැමිණිලි කළ බව ඇල්ල පොලිසිය සඳහන් කරයි.

සැකකාර විදුහල්පතිවරයා මින් පෙර බාලයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබු අයෙකු බවද විමර්ශන වලදී අනාවරණය වී අතැයි සඳහන්ය.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ , හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඩී.එන් . කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2634473194899339491

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item