"මැතිවරණ කොමිසමේ බලය ඇමතිවරුන් අතට" - ගම්මන්පිල කොමසාරිස්ට මතක් කරයි

මැතිවරණ කොමිසම හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර ඊයේ දින රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී පැවති සාකච්ඡාවෙන් පසුව පිවිතුරු හෙල උරු...

මැතිවරණ කොමිසම හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර ඊයේ දින රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී පැවති සාකච්ඡාවෙන් පසුව පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

‘පලාත් පාලන මැතිවරණය කල් තැබීම පිලිබඳව, මැතිවරණ කොමිසම පත් කිරීමෙන් පසු දේශපාලන පක්ෂයක් ඇවිත් සමස්ත මැතිවරණ කොමිසම සමගම මේ සම්බන්දව ප්‍රථම වතාවට සකච්ඡාවක් පැවැත්තුවේ අද දිනයි.

අපි පෙන්වලා දුන්නා 2012 පලාත් පාලන මැතිවරණ සංශෝදන පනතේ 3(ඇ) 2 වගන්තියේ හැටියට සීමා මායිම් සංශෝධන සිද්ධ වෙන්න පුළුවන්. ඒක කරලා ඉවර වුණාට පස්සේ එළබෙන මැතිවරණයේ දී තමයි අලුත් සීමා මායිම් අදාල වෙන්නේ. පවතින සීමා මායිම් අනුව මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා මැතිවරණ කොමිසම පිළිගත්තා.

දිගින් දිගටම මැතිවරණ කල්යාම රටට හොද දේකුත් නෙවෙයි. මැතිවරණ කොමිසමට හොද දේකුත් නෙවෙයි කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශ කලා දෙසැම්බර් 31 කට කලින් ඡන්දය පවත්වන්න බැරි නම් අපි ඉදලා වැඩක් නෑ අපි ඉල්ලා අස්වෙනවා කියලා. ඒතුමා කිව්වා ලබන මාසය වන විට ලැබේවි කියලා. සීමා නිර්ණයේ වාර්තාව. සභාපතිතුමා ප්‍රකාශ කරා සීමා නිර්ණයට පස්සෙත් යම් යම් තාක්ෂණික ප්‍රශ්න තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙන්න ඉඩ තියෙනවා කියලා. අපි ඇයි කියලා ප්‍රශ්න කරා එතුමා ඒ වෙලාවේ ප්‍රකාශ කළේ නෑ අපිට ලිඛිතව ලබා දෙන්නම් කියලා කිව්වේ. ඒ කිව්ව කාරණා වල හැටියට නම් මේ වසරෙත් ඡන්දේ නෑ වගේ කියලා තමයි අපිට හැගුනේ. මේ වාර්තාව මේ වසරේ ලබා ගැනිමට කොමිසම කටයුතු කරනවා කියලා පෙරොන්දු වීම යම් ජයග්‍රහණයක්.

අපි මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමත් එක්ක සුහදව උණුසුම්ව ඒ සංවාදය ගෙන යන අතරේම අනෙකුත් නීතිමය දේශපාලන ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. අපි කොමිසමේ අවදානයට යොමු කරා රටේ ජනාධිපතිතුමා, පලාත් පාලන අමාත්‍යතුමා, ශ්‍රිලනිප ලේකම්තුමා,සන්ධාන ලේකම්තුමා වරින් වර දින වකවානු දෙනවා ඡන්දේ පවත්වන්නේ අහවල් කාලයේ කියලා. 19 වන සංශෝධනයෙන් පස්සේ ස්වාධීන කොමිසන් පිහිටුවා කියන ආණ්ඩුවම මේ වගේ දින වකවානු ඉදිරිපත් කිරිම කොමිසමේ ගරුත්වය විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක්.

මෙවැනි දේවල් නොකරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්න කියලා අපි කොමිසමෙන් ඉල්ලීමක් කරා. අපි මතක් කරා අපේ කාලයේ ඇමතිවරු මාධ්‍ය අවධානය දිනාගන්න මැතිවරණය එන්නේ අහවල් දවස්වල කියලා කිව්වමත් මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයාට ලියුමකත් එව්වා මෙවැනි දේවල් ඇමතිවරු ප්‍රකාශ කිරීමෙන් වලක්වා ගන්න මැතිවරණ කොමසාරිස්තුමාගේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. එදා මැතිවරණ කොමිසමක් තිබුණේ නෑ. අද මැතිවරණ කොමිසමක් තිබෙන නිසා එදාට වඩා අද ස්වාධීනත්වය රැක ගැනීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා ඇමතිවරුන්ට තියා ජනාධිපතිතුමාට වත් ස්වාධීන කොමිසමේ බලතල පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා කියලා අද අපි කොමිසමෙන් ඉල්ලීමක් කරා’

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7835323907555414325

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item