දඹුල්ලේ ප්‍රේක්‍ෂකයන් පාලනයට ක්‍රිකට් ආයතනයෙන් ගෙතු බොරුව අතේ මාට්ටු

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ පැවැති තරගවල සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් යැයි අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ශ්‍...

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ පැවැති තරගවල සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් යැයි අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍යවෙත යොමුකර තිබුණි. මෙය සිදුකර ඇත්තේ ක්‍රිකට් ආයතයේ ඉහළම නිලධාරියෙකුගේ කීමට බව වාර්තා වේ.

තෙවැනි තරගයේදී රුපියල් මිලියන 4.6ක ආදායමක්ද, සිවුවැනි තරගයේදී රුපියල් මිලියන 2.6ක ආදායමක්ද උපයාගෙන ඇති බවට ක්‍රීඩාංගණ පාලනාධිකාරිය සඳහන් කර තිබුණද, සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී තිබියදී, ආදායම විෂම වීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී තිබේ.

දඹුල්ලේ ක්‍රිකට් තරග පැවැත්වීමට පෙරම සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළද, එහිදී දවස් 02කින් උපයාගත් ආදායම පරපස්පර වී ඇත. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරනුයේ සිවුවැනි එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී නොතිබුණු අතර, ක්‍රීඩාංගණයට පැමිණි අධික ජනකාය වළක්වාලීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍ර‘වේශපත්‍ර සියල්ල අලෙවි වී අවසානයි යන්න සාවද්‍ය ප්‍රචාරයක් ගෙනගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ දඹුල්ල ක්‍රීඩාංගණය භාරකරු සුජීව ගොඩලියද්ද මහතා පවසා සිටියේ, තෙවැනි එක්දින තරගයට පැමිණි සෙනඟ හේතුවෙන් ප්‍ර‘වේශපත්‍ර ලබාගෙන තරගය නැරඹීමට පැමිණි ජනතාවට අසාධාරණයක් වූ බැවින් එය වළක්වාලීමේ අදහසින් සිවුවැනි එක්දින තරගයේදී එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 880766971992164391

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item