ජනපති පැරණි වෘත්තීය සහායිකාවක සොයා යයි

හිරියාල ප්‍රදේශයේ ආගමික උත්සව සහ විවෘත කිරීම් උත්සව රැසකට අගෝස්තු 31 වන දා සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපසු එන ගමනේදී හිරිය...

හිරියාල ප්‍රදේශයේ ආගමික උත්සව සහ විවෘත කිරීම් උත්සව රැසකට අගෝස්තු 31 වන දා සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපසු එන ගමනේදී හිරියාල ගොකරැල්ල ප්‍රදේශයේ නිවසකට නිවැසියනට පූර්ව දැනුම් දීමකින් තොරව ජනපතිවරයා පැමිණියේය.

1975 වසරේදී පලූගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සැපයීම් නිලධාරියා වශයෙන් ජනපතිවරයා සේවය කළ අවධියේ එහි අයකැමිවරිය ලෙසින් සේවය කළ කුසුම් පෙතියගොඩ මහත්මියගේ නිවසට ජනපතිවරයා මෙසේ පැමිණ තිබේ.

ජනාධිපතිතුමා ඇගේ නිවසට හදිසියේ ගොඩ වැදුණේ තම පැරණි වෘත්තීය සහායිකාවගේ දුක සැප විමසනු පිණිසය. අමුත්තාව දුටු පෙතියාගොඩ මහත්මියට සිය දෑස් අදහාගත නොහැකි වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන සිය සහායිකාවගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 647078196813248708

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item