කොළඹ වරාය ඉන්දියාවට

දකුණු කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට අගමැතිවරයාගේ ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කර ඇතැයි සමස්ත ලංකා සේවක සංගමය පවසයි.  ...

දකුණු කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට අගමැතිවරයාගේ ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කර ඇතැයි සමස්ත ලංකා සේවක සංගමය පවසයි. 

එහි කැදවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ පවසන්නේ එය මෙරට ශ්‍රමිකයන්ගේ රැකියාවලට දැඩි තර්ජනයක් බවයි. මේ අතර එට්කා ගිවිසුමද ක්‍රියාත්මක වුවහොත් රටට මුදල් ලැබෙන තැන් අවහිර වනවා මෙන්ම ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීම වැලැක්විය නොහැකි බව මහගමගේ සඳහන් කරයි.

මේ වනවිට ඉන්දියාව දකුණු ආසියානු කලාපයේ 90% ක බහාලුම් මෙහෙයුම්කරණය අත්පත් කරගෙන සිටින අතර දකුණු කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයද ලබාගතහොත් එය 95% දක්වා ඉහළ යයි. නැගෙනහිර වරාය කොටස ක්‍රියාත්මක තත්වයට ගෙන එ්ම සඳහා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ටෙන්ඩරයක්ද කැඳවා ඇති අතර ආණ්ඩුව එයද අවලංගුකර තිබේ. මේ වනවිට කැබිනට් මණ්ඩලයේ තීන්දු පවා අභිබවා ආර්ථික කළමනාකරණ කමිටුවේ තීන්දු බලවත් වී ඇති බවයි සමස්ත ලංකා සේවක සංගමය අවධාරණය කරන්නේ. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමේ සැලැස්මට අනුව අදායමින් 85% ක් ඉන්දියාවටත් 15% ක් මෙරට ආණ්ඩුවටත් ලැබීමට නියමිතය. ඒ අනුව පර්යන්තයේ සම්පුර්ණ අයිතිය ඉන්දියානු සමාගමට පැවරෙනු ඇති. 

ආශිකා බ්‍රාහ්මණ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4850282280484497343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item