කාන්තාවන් හත්දෙනෙක් දිනකදී පියයුරු පිළිකා මාරයාට

ශ්‍රි ලංකාව තුල දිනකට කාන්තාවන් 7 දෙනෙකු පමණ පියයුරු පිළිකාවට ගොඳුරු වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කනිෂ්ඨ ද සිල්වා මහතා සඳහන් කරයි. මේ...

ශ්‍රි ලංකාව තුල දිනකට කාන්තාවන් 7 දෙනෙකු පමණ පියයුරු පිළිකාවට ගොඳුරු වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කනිෂ්ඨ ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ අනුව වසරකට පිළිකා රෝගීන් 2500ක් පමණ දෙනා අලුතින් එකතු වන බවද හෙතෙම අද (28) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පියයුරු පිළිකා වලක්වා ගැනීමේ මාසය වෙනුවෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළාය.

මේ අනුව කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකා රෝගීන්ගෙන් සියයට 25ක් දෙනා පියයුරු පිලිකාව වැළඳුණ අය බවද හෙතෙම පැවසීය.බටහිර රටවල පිළිකා රෝගයට කාන්තාවන් ගොඳුරු වීම ඉතාමත් සීග්‍රයෙන් සිදු වුණද ඔවුන්ගේ මරණ ප්‍රතිශතය අපගේ පියයුරු පිළිකාවන්ට ගොදුරු වූ කාන්තාවන්ගේ මරණ ප්‍රතිශතයට වඩා බෙහෙවින් අවම බවද ඔහු පෙන්වා දුන්නේය.

පියයුරු පිලිකාවන්ට ගොඳුරු වූ කාන්තාවන් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු නොවී රෝගය උත්සන් වූ විට ප්‍රතිකාර සඳහා යොමු වීම හේතුවෙන් මෙසේ මරණ ප්‍රතිශතය ඉහළ යාමට හේතු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.පිළිකාවක අවදානම් සහගත තත්වයක් මතු වුවහොත් එනම් පියයුරේ යම් ගැටිත්තක්, හැඩයේ වෙනසක්, ස්‍රාවයන් පිටවීමක් ආදී ලක්ෂණයන් මතු වුවහොත් පිළිගත් වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ගන්නා ලෙසත් ව්‍යජ්‍ය වෛද්‍යවරුන් වෙත නොයන ලෙසත් විශේෂඥවරයා සඳහන් කරයි.

මේ වන විට ව්‍යාජ වෛද්‍යවරුන් වෙත ගොස් රෝගය උත්සන්න කර ගත් රෝගීන් සැලකිය යුතු පිරිසක් මහරගම පිළිකා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත් ඔවුන්ගේ රෝග තත්වය ඇතැම් අවස්ථාවන් වලදී සුව කළ නෙහැකි බවත් හෙතෙම පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 13193170111156864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item