ඉතිහාසයේ ලොකුම සමුළුව අදයි - මහින්ද අමරවීර
‘කිසියම් පක්ෂයක වැඩිම ජනතාව සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙයයි. ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා තමයි දෙසැරයක් පරාජය වුණු මේ පක්ෂය අද ඉස්සරහට යන්...
http://www.sathhanda.com/2016/09/blog-post_88.html
‘කිසියම් පක්ෂයක වැඩිම ජනතාව සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙයයි. ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා තමයි දෙසැරයක් පරාජය වුණු මේ පක්ෂය අද ඉස්සරහට යන්න පුළුවන්වෙලා තියෙන්නේ. ජනපති නිසා ජාතීන් අතර සමගිය සංහිඳියාව ගොඩනැගිලා තියෙනවා. ඉතිහාසයේ පැවැත්වුණු වැඩිම ජනතා සහභාගිත්වය සහිත මැයි දිනය අපි ගාල්ලේ පැවැත්වුණා. අද ඒ වාර්තාව බිඳලා අපේ සංවත්සරය සමරන්න පුළුවන් වුණා‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව කුරුණෑගල මාලිගා පිටියේ දී අමතමින් පැවසීය.
‘ජනාධිපතිවරුන් තිදෙනෙක් අපේ පක්ෂයෙන් බිහි කර තිබෙනවා. පක්ෂය එකතු කරන්න පුළුවන් හැම අයුරකින්ම අපි පක්ෂය එකතු කරනවා. අපි පක්ෂයේ නායකයින් සමග සුහදත්වය වර්ධනය කරගෙන නවීන පක්ෂයක් නිර්මාණය කරමින් අපි එකට වැඩ කරමු‘ යැයි ශ්‍රීලනිප උප සභාපති අනුර ප්‍රියදර්ශන යාපා සමුළුව අමතමින් පැවසීය.

Related