ඩිල්ෂාන්ට පරාජයකින් සමුගන්න සිදුවූ පල්ලෙකැලේ තරගය (VIDEO)

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 85 කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් පහසු ජයක් ලබාගැනීම සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩා...

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 85 කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් පහසු ජයක් ලබාගැනීම සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් ඔස්ට්‍රේලියාව සමත්වී තිබේ.

විස්සයි20 පිටියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 263ක් රැස්කරගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම එදා මෙදා තුර ක්‍රිකට් පිටියේ විස්සයි20 කණ්ඩායමකට ලබාදුන් ඉහළම ඉලක්කය ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

කෙසේ වෙතත් එම දැවැන්ත ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ඒ අනුව විසසයි 20 පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම පරතරයක් සහිතව පරාජය වූ තරගය ලෙසින්ද මෙය ඉතහාසයට එක්විය.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරග දෙකට ක්‍රීඩා කරන ඩිල්ෂාන්ගේ එක් තරගයක් වූයේ පල්ලෙකැලේ පිටියේ පැවැති මෙම තරගයයි.

කෙසේ වෙතත් ඩිල්ෂාන්ට මෙම තරගයේදී සාර්ථකවීමට අවස්ථාව හිමිනොවීය.

දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය එළැඹෙන 09දා ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරගයේ වේගවත් ශතකයක් රැස්කළ ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 145ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කිරීමටත් සමත්විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6777393569314740514

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item