හදිසි දෙරණ 360 වැඩසටහනේ සැඟවූ මත විමසුමේ මනාප ප්‍රතිපලය මෙන්න

  ඊයේ දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වූ ‘360’ විශේෂ දේශපාලන සංවාදය සඳහා ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක සහභාගී විය. සාමාන්‍යයෙන්...

 
ඊයේ දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වූ ‘360’ විශේෂ දේශපාලන සංවාදය සඳහා ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක සහභාගී විය.

සාමාන්‍යයෙන් ‘360’ වැඩසටහන දෙරණ නාලිකාව විසින් පවත්වන්නේ සඳුදා දිනයේ වුවත් ඊයේ දිනයේ කුමන විශේෂ හේතුවක් නිසා පැවැත්වූයේ දැයි වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත් පැහැදිලි කලේ නැත.

ශ‍්‍රීලනිපයේ අර්බුදය ගැන මෙන්ම හෙට පැවැත්වෙන සමුළුව ගැන මහ ලේකම්වරයා අදහස් පල කරද්දී පුරුදු පරිදි ‘360’ ඔන්ලයින් මත විමසුම ඇරඹුවේ ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිප සංවත්සරයට සහභාගී නොවී විදේශගතවීම ඔබ අනුමත කරනවාද’ යන පැනය යොමු කරමිනි.

නමුත් වෙනදා මෙන් විටින් විට එම මත විමසුමේ ප‍්‍රතිඵල විකාශය කරන්නට දෙරණ කටයුතු කලේ නැත.

වැඩසටහන අවසන් කලේද එම ප‍්‍රතිඵල හෙලි නොකරමිනි. නමුත් සත්‍ය සොයා ගන්නට අපට හැකි විය. අන්තර්ජාල මත විමසුම අවසන් වන්නට සුළු මොහාතක් තිබියදී ලබා ගත් දර්ශණයකි මේ.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා නියෝජනය කරන ලද මතය අනුමත කරන්නේ 10%කි. 89%ක් විරුද්දය. දෙරණ නාලිකාව තම හිතුමතේට මෙම ප‍්‍රතිඵලය විකාශනය නොකිරීසක් නම් විය නොහැකිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8694407714036809079

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item