රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ

" එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කළ හොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියල...



" එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කළ හොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ " යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

 ඔහු මේ බව කියා සිටියේ අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වර්තමානය වන විට මැති ඇමතිවරු අතර විශාල ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, ඒ නිසාවෙන් ඉදිරි කාලයේ දී විශාල විපර්යාසයක් දැක බලා ගැනීමට හැකි වනු ඇති බවත්  කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ඔහු  මෙසේද පැවසීය,

අද වෙනකොට වී ගොවිතැන බලවත් අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමා පොහොර සහනාධාරය කප්පාදු කිරීම. මේ තත්ත්වය යටතේ කුලියාපිටිය, ආරච්චිකට්ටුව හා අම්බලන්ගොඩ සමුපකාරවල ඡන්ද ආණ්ඩුවට පහරක් වෙලා. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව බයවෙලා. ඒ වෙනුවට ආණ්ඩුව දැන් ජනමත විචාරණයක් තියන්න ලෑස්ති වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා අපේ මුදල් ඕනේ නම් ඔයාලා බදු ප්‍රතිපත්ති වෙනස් කරලා ජනතාවගෙන් බදු අය කරන්න කියලා. එයාලා කියන්නේ බදු නොගෙවන අයගෙන් බදු ගන්න කියලා.

ණය, අයවැය, විනිමය කියන අර්බුද තුන මැද ආණඩුව දැන් හැලියක් වගේ පැහෙනවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබු ජනරැළි සම්බන්ධයෙන්ද එතුමා මෙසේ ප්‍රකාශ කර සිටියේය,

මාස 3ට සැරයක් අපි දැවැන්ත ජනතා ඒකරාශී කිරීමක් කරලා පෙන්නලා තියෙනවා අපේ ශක්තිය. ඒකෙ රහස තමා ජනතාව තුළ තියෙන උනන්දුව. මේ ආණ්ඩුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා වැඩිවෙන්න ජනතාව ඒකාබද්ධ විපක්ෂය කරා එකතු වෙනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා එවැනි දැවැන්ත ජනරැළි කැඳවන්න කියලා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5290387577922166233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item