යහපාලන ආණ්ඩුව විදුලියත් ඉන්දියාවෙන් ගැනීමට සැරසෙයි

මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. ප...

මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කළ හැකි බව ඔහු පවසනවා.

මෙය බොහෝ දුරට පසුගිය ආණ්ඩු පෙරලිය සඳහා ශ්‍රී ලංකා ආණ්ඩු කරවන පිරිස් ලබාදෙන තවත් අල්ලසක් විය හැකිය. රට උකසට තබා ඉන්දියානු කොන්දේසියකට එකඟ වීමකි. රටතුල නිෂ්පාදනය කල හැකි දෑ ආනයනය කිරීමේ විපාක දැනටත් විදිමින් සිටින අවස්ථාවක තවත් මෙවන් රට විකුණන් කන මගඩි නැවතීමට ජනතාව තම හඬ අවධිකළ යුතුය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4633251674086210409

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item