විග්නේෂ්වරන්ට ආරක්ෂාව ඉල්ලයි
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ට පූර්ණ ආරක්‍ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ මහ ලේක...

http://www.sathhanda.com/2016/10/blog-post_56.html

දකුණේ ජාතිවාදී බලවේග වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට හා එහි වරද කොටි සංවිධානය පිට පැටවීමේ සූදානමක් පවතින බවට උතුරු මහ ඇමති කළ ප‍්‍රකාශය පිළිබද ඔහු ලිපියක් මගින් විපක්ෂ නායකවරයාට පෙන්වා දී ඇත.
විග්නේෂ්වරන් මහතා මරණ තර්ජනවලට ලක්ව ඇතිනම් එය බරපතල කරුණක් බව පෙන්වා දෙන සේනාධිරාජා දෙමළ ජාතික සන්ධානය වශයෙන් අප ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත පැමිණිලි කර ඔහුගේ ආරක්‍ෂාව තර කර දිය යුතු බව එම ලිපියේ සදහන් කර තිබේ.
එමෙන්ම උතුරු මහ ඇමතිවරයාට එලෙස මරණ තර්ජනයන් සිදුකරන්නේ කවුරුන්ද කුමන පාර්ශවයන්ද යන්න සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවද සේනාධිරාජා සදහන් කර සිටී.
Related