ලොග්ගලාවට යට වූ පැරණි බදුලු මයියංගණ පාර මතුවෙයි

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මහියංගණය - ලොග්ගල්ලා ඔය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ හේතුවෙන් ජලාශය ...

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මහියංගණය - ලොග්ගල්ලා ඔය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. මේ හේතුවෙන් ජලාශය ඉදිකිරීමෙන් පසු පළමුවරට එම ජලාශයට යටවී තිබූ ඉපැරණි බදුල්ල - මහියංගණ මාර්ගයද මේ වන විට මතුවීමට පටන්ගෙන ඇත.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයට සමගාමීව 1982 වසරේදී මෙම ජලාශය ඉදිකර ඇති අතර ජලාශය මේ අයුරින් සිඳීයාමට ලක්වූයේ ඉතිහාසයේ පළමු වතාවට බව එය අවට පදිංචිකරුවෝ පවසති.

අක්කර දහස් ගණනකින් යුත් ජලාශයේ ඉතා විශාල ප‍්‍රදේශයක් මේ වන විට සිඳීයාමට ලක්ව ඇති අතර ජලාශය මැද ස්ථාන කීපයක පමණක් ජලය රැඳී තිබෙනු දක්නට ඇත. මේ හේතුවෙන් මෙම ජලාශයෙන් දියවර ලැබූ මහවැලි අන්තර් නිම්න ඇළ මාර්ගයද වියළී යාමට ලක්ව තිබේ.

ලොග්ගල්ලා ඔය ජලාශයට දියවර සපයන ලොග්ගල්ලා ඔයේ හා මහවැලි ගඟේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම මෙම තත්ත්වයට බෙහෙවින්ම බලපා ඇතැයි ජලාශය අවට පදිංචිකරුවෝ පවසති. 
එන්.කේ. නිශ්ශංක




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2322265848835827186

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item