එජාප මාධ්‍ය හමු හදිසියේ අවලංගු කරයි

මේ දිනවලට සැලසුම් කර ඇති එජාප මාධ්‍ය සාකච්ජා වහාම අවලංගු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දී ඇත. ...

මේ දිනවලට සැලසුම් කර ඇති එජාප මාධ්‍ය සාකච්ජා වහාම අවලංගු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ජනාධිපතිවරයා පෙරේදා සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න හමුවේ, පිළිතුරු දීමට යාමෙන් ඒකාබද්ධ විපක්ෂයට වාසියක් විය හැකි බව අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

අගමැතිවරයාගේ එම උපදෙස් මත, ඇමති හරින් ප්‍රනාන්දුගේ සහභාගිත්වයෙන් ඊයේ (13) කැඳවා තිබු මාධ්‍ය හමුව හා අද (14) දින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු මාධ්‍ය හමුවත් අවලංගු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8935790556050828196

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item