පින්නවල වලපල්ලට අදින ඇත්තෝ

සංචාරකයන්ට තර්ජනය කරන අකාරය  කෑගල්ල, රඹුක්කන, පින්නවල අලි අනාථාගාරයේ වසා දැමුණු ඉපැරණි දොරටුවක් වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණි ...

සංචාරකයන්ට තර්ජනය කරන අකාරය 
කෑගල්ල, රඹුක්කන, පින්නවල අලි අනාථාගාරයේ වසා දැමුණු ඉපැරණි දොරටුවක් වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ නියෝග මත පසු ගිය දා වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කෙරුණි. විදෙස් සංචාරකයින්ට ප්‍රවේශ වීම සදහා පින්න්වල සත්ත්ව උද්‍යානය මුල් සැලසුමෙන්ම ඉදිකල එම දොරටුව මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් වසා තැබීම අහඹු සිදු වීමක් නොවන අතර, එහි පිටුපස දේශපාලන හා අනෙකුත් බලවේග ගණනාවක් ක්‍රියාත්මක විය. මේ ඒ පසු බිමේ කථාවයි.

පින්නවල අලි අනාථාගාරය යනු විවිධ වයස් කාණ්ඩ යටතේ විශාල අලි සංඛ්‍යාවක් (87) වනෝද්‍යානයක් නොවන තැනකදී දැක ගත හැකි ලොව එකම ස්ථානයයි. එවකට නාවික කටයුතු ප්‍රවාහන හා සංචාරක අමාත්‍යවරයාව සිටි දිවංගත කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.බී.ජී. කලුගල්ල මහතාගේ සංකල්පයක් පෙරදැරිව එතුමන් විසින් 1975 වසරේ පෙබරවාරි මස 16 වැනිදා මෙම අලි අනාථාගාරයේ දොර විවර කර ජනතා අයිතියට පත්කරමිනි. එය හුදෙක් වනයේ මෙන්ම වෙනත් ස්ථානවලදී විවිධ අනතුරුවලට ලක්වන අලියන් සදහා ප්‍රථීකාර කටයුතු සේම ඔවුන්ට රැකවරණය සැපයීම සදහා ඉදිකරන ලද රෝහලක් ලෙස එවකට පැවතියත් පසු කාලීනව මෙය මෙරට සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් දක්වා පරිවර්ථනය වීම රටටම මහත් අඩම්බරයක් පමණක් නොව මෙරට ආර්ථික උද්දමනයේ ඉහළ වර්ධනයක් රැගත් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

ඒ අනුව මෙම අලි අනාථාගාරය ඔස්සේ රජයට එක් දිනකට පමණක් විශාල අදායමක් ලැබෙමින් පවතින අතර, එය රුපියල් ලක්ෂ 35 සිට රුපියල් ලක්ෂ 50 දක්වා වර්ධන වේගයක් වර්ථමානයේ පෙන්නුම් කෙරේ. ඒ ආශ්‍රිතව යැපෙන බොහෝ වෙළද ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු තවත් පිරිසකට ආර්ථිකමය වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ කර්මාන්තයක් බවට පත්ව තිබේ. එය එවකට සිටි දිවංගත පී.බී.ජී. කලුගල්ල මැතිතුමා දුටු සිහිනය මල් ඵල ගැන්වීමක් ලෙස ඔහු අපේක්ෂා කල පරිද්දෙන් පින්නවල ආශ්‍රිතව මේ වන විටත් ආර්ථීක, සමාජීය හා අනෙකුත් උප බිහිවී හමාරය අවසන්ය ඒ පිළිබද සදහන් කලහොත් එය නිවැරදි යැයි සිතමු. 

මන්ද මෙකී සංචාරක භූමියේ තැඹිලි විකුණන්නාගේ සිට මුතු මැණික් අලෙවි කරන ව්‍යාපාරකයා දක්වා ආර්ථික වාසී අත්පත් කර දී ඇති නිසාවෙනි. අලි අනාථාගාරයේ රදවා සිටින අලින් වෙනුවෙන් සිදුකල යුතු සුභ සාධනයටද එය මහත් ආර්ථිකමය රුකුලකි.

සංචාරකයන්ට තර්ජනය කරන අකාරය 
නමුත් අතීතයේ සිට පින්නවල ආශ්‍රිතව ගොඩ නැගුන එසේ වූවත් වර්ථමානයේදී අලි අනථාගාරයේ කටයුතු අඩපන වෙමින් දිනෙන් දින වල පල්ලට යමින් සිටින්නේද කර්මාන්තයටම කන කොකා හඩන්නට වී තිබීම නිසාවෙනි. ඒ පිටුපස දේශපාලන හස්තයන් මෙන්ම නිළධාරිවාදයද තරයේ ක්‍රියාත්මක වීම නිසාවෙනි. මේ පිළීබද සැමට දෝෂාරෝපණය කල නොහැකි නමුත් මෙහි එක්තරා නිලධාරීන් කණ්ඩායමක් විෂය භාර අමාත්‍යවරයාගේද නියෝග හමස් පෙට්ටයට දමමින් කටයුතු කිරීම බරපතල ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.

පින්නවල අලි අනාථාගාරය ඇරඹි මුල් වකවානුවේ පටන් 
සංචාරකයන්ට තර්ජනය කරන අකාරය 
මෑතක් දක්වා ප්‍රවේශ පත්‍ර කවුළුව (දේශිය සහ විදේශිය), අලි මා ඔයට ප්‍රවේශ වන මාර්ගය, හා වාහන නැවතුම් පල එකිනෙකට සම්බන්ධව පිහිටා තිබුණි. තවද මෑතකදී මෙම වාහන නැවතුම් පල වැසිකිළි පහසුකම් සහිතව විදේශ සංචාරකයින් සදහා සුදුසු වන පරිදි විශාල මුදලක් වියදම් කර නවීකරණය කරන ලදි. එමගින් ප්‍රධාන ප්‍රවේශ පත්‍ර කවුළුව හා අලි ඔයට නෑවීමට යන මාර්ගයේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීමේ දොරටුව එකිනෙක පෙනෙන මානයේ පිහිටා තිබූ බැවින් එම ස්ථාන දෙක මනා නිරික්ෂණයකින් යුතුව පැවති බව එහි සේවය කරන නම් සදහන් කිරීමට අකමැති නිළධාරියෙකු පවසන ලදි. 

දැනට නව ප්‍රවේශ පත්‍ර කවුළුව පැරණි ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරකින් ඉදිකරවා තිබෙන නිසාවෙන් ඉහත කී නිරික්ෂණයද, අපහසුවී ඇති බව එහි පැමිණෙන කාගෙත් ඇස ගැටෙන දසුනක්ව තිබේ. තවද, මෙමගින් පැමිණෙන විදේශිය සංචාරකයින් හට යම් යම් දුෂ්කරතාවයන්ටද, මුහුණ පෑමට සිදුවන අවස්ථා එමටය. 


මන්ද පෙරදී අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන විදේශිය හා දේශීය සංචාරකයින් අනාථාගාරය නැරඹීමෙන් පසු අලි ස්නානය කිරීම නැරඹීම සදහා යාමට පිටවීම සදහා දොරටු අංක ‘‘A’’ භාවිතා කලද, මෑතක පටන් නව ප්‍රවේශ පත්‍ර කවුළුව ඔස්සේ පිටව යාමට ඉඩ සලස්වා දොරටු අංක ‘‘A’’ සංචාරකයින් සදහා වසා දමා ඇත.

මේ හේතුව නිසා සංචාරකයින් හට විශාල දුරක් ගෙවමින් අලි ස්නානය කරන ස්ථානය දැක බලා ගැනීමට පැමිණීමට සිදුව ඇති අතර, සමහර අවස්ථාවන් වලදී ඇති එකී මාර්ගය සොයා ගැනීමට අපොහොසත් වන සමහර සිංචාරකයින් අලි අනාථාගාරය පමණක් නරඹා ඔවුන්ට ආපසු හැරී යාමට සිදු වන අවස්ථා බොහෝය. 

මින් පෙර සිදු වූයේ අලි ස්නානය සදහා රැගෙන යාමේදී ප්‍රථමයෙන් අලි දොරටු අංක ‘‘A’’ වෙතින් පිට කර ඔවුන් ගග අසලට යන තුරු ගේට්ටුව වසා තබන අතර, අලි ගගට බැසීමෙන් අනතුරුව සංචාරකයින් සදහාද වීවෘත කිරීමයි. මෙමගින් සංචාකයින්ගේආරක්ෂාවද සැලසෙන අතර, ඔවුන් හට අනවශ්‍ය දුරක් ගමන් කිරීමට නොසිදු වීමෙන් විදේශකයින්ගේ විඩාවද, අඩුවනවා නොවනුමාණය. 

විදෙශ් සංචාරකයෙකු මෙරට පැමිණෙන්නේ හොදින් සැලසුම් කල කාල සටහනකට අනුවය. ඔවුන් සිය ශ්‍රී ලංකා සංචාරය තුල කාලය නාස්තිකර ගැනීමට කිසිසේත් සූනාම් නැත. නමුත් එම සංචාරකයින්ගේ කාලය නාස්ති කරන සංචාරය දියාරු කරන වැඩ සටහනක් සංවිධානාත්මක පිරිසක් විසින් දැනටමත් පින්නවල අලි අනාථාගාරය තුල ක්‍රියාත්මක කර තිබෙන බවයි අනාවරණය වන්නේ.

සංචාරකයෙකු අලි අනාථාගරය වෙත පැමිණෙන්නේ කෙටි කාල පාරාසයක් තුල අලියන්ගේ වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් දැක බලා පිටව යාමටය. නමුත් දැනට පවතින පින්නවල අලි අනාථාගාරයේ ක්‍රමවේදයන් ඊට සුදුසු පහසුකම් සපායා නොමැතිකම සංචාරක කර්මාන්තය පහළ වැටීමට සෘජුව බලපාන ගැටළුවක්ව තිබේ.

විදෙස් සංචාරකයින්ට ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානය, එම සංචාරකයින්ට අනාථාගාරයට ඇතුළු වීමට තිබෙන ස්ථානයට, පිටව යන දොරටුව හා අලියන් මා ඔයට දිය නෑවීම පිණිස රැගෙන යන මාර්ගය අතර, පවතින්නේ ව්‍යාකූල තත්ත්වයකි. නමුත් පැරණි ප්‍රවේශපත් දොරටුව මෙම ව්‍යාකූල තත්ත්වය ඇති නොවන ලෙස ඉදිකර තිබූ එකකි.

පැරණි ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වන සංචාරකයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අතරතුර වුවද, අලින්ව ඔයට රැගෙන යන දසුන් දැක බලා ගත හැකිය. නමුත් අළුතින් ඉදිකර දැනට ක්‍රියාත්මක වන ප්‍රවේශ පත්‍ර කවුළුව තිබෙන්නේ අලියෙකු දැකිය හැකි ඇස් මානයේ නොවන බවටයි සංචාරකයින් මැසිවිලි නගන්නේ. එහි සිටින සංචාරකයෙකුට අලියන් රැගෙන යන දසුන් නැරඹීම සදහා අවම වශයෙන් මීටර් 150 - 200 ඇවිදගෙන යා යුතුව තිබේ. සංචාරකයෙකු එම දුර පැමිණ අලියන් නැරඹීමට උත්සහ කරන නමුත් ඒ වන විටත් අලි අනාථාගාරයෙන් එපිට මීටර් 600ක් පමණ දුරින් මා ඔයට බැස අවසන් ය. 

අලි අනාථාගාරය තුල සිටින සංචාරකයෙකුට අලියන් රැගෙන යන දසුන් නැරඹීම සදහා ඊටත් වැඩි දුරක් එනම් මීටර් 300ක් පමණ ගමන් කිරීමට සිදුව තිබේ. සමහරක් සංචාරකයින්ට මෙම දුර ගෙවාගෙන යාම පවා අති දුෂ්කරය, වෙහෙසකරය, පැරණි ‘‘A’’ ගේට්ටුව ක්‍රියාත්මක වූ කාලවකවානුවේදී අලින් යන මග දෙපස සිටම සංචාරකයින්ට එය නැරඹීමටත් අනතුරුව අලියන් පිටව ගිය පසු එම දොරටුවෙන්ම සංචාරකයින්ට මා ඔයට යාමට අවස්ථාව සලසා දී තිබුණි. 

නමුත් වර්ථමානයේ සිදුවන්නේ අනෙකකි. අලියන් ඔයට යන සෑම විටකම සංචාරකයින්ට සිදු වන්නේ ඈතින් පිහිටි ටිකට් කවුන්ටරය ආසන්නයේ තිබෙන පිටවන දොරටුව වෙත දිව යාමටයි. අනතුරුව අලි අනාථාගාරයෙන් පිටවන අලි කරා දිව ආයුතුය. පැරණි ‘‘A’’ ගේට්ටුව ක්‍රියාත්මක වූ සමයේ දොරටුව වම් පසත්, දකුණු පසත්, ආරක්ෂක වැටෙන් ඔබ්බේ සිට රිසි සේ අලි නැරඹූ සංචාරකයින්ට දැන් අලි ඔයට රැගෙන යන දර්ශණය නැරඹිම සදහා හති දා ගෙන දිව යාමට සිදුව තිබීම 

මේ ගැටළුව නිරාකරණිය කර දෙන ලෙසට දෙස් විදෙස් සංචාරකයින්, සංචාරක මග පෙන්වන්නන්, පින්නවල වෙළද ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අලි අනාථාගාරයේ පැවැත්ම පිළිබදව යහපත් ආකාල්පයෙන් කටයුතු කරන අලි අනාථාගාරයේ ඇතැම් සේවකයින් පවා විෂය භාර අමාත්‍ය වරයාගෙන් විටින් විට ඉල්ලීම් කන ලදි. එම ඉල්ලීමට ඇහුම්කන් දුන් අමාත්‍ය වරයා මේ පිළිබද සොයා බැලීම සදහා නිළධාරින් මඩුල්ලකට එහි වගකීම පවරන අතර, පරිසර අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන පරිසරවේදී මහාචාර්ය සරත් කොටගම මහතා, අලි අනාථාගාරයට පැමිණ මෙම ගැටළුව විසදීමට මැදැහත් වන්නේ ඒ අනුවය. 

ඔහුගේ නිගමනයද වූයේ පැරණි ප්‍රවේශ පත්‍ර කවුළුව නවීකරණය කොට විවෘත කරන ලෙසටයි. ඒ අනුව ඉකුත් අගොස්ත්තු මස (31) වන දින ප්‍රවේශපත්‍ර කවුළුව නැවත විවෘත කරන ලදි.

මීට වසර 41 ට පමණ පෙර අලි අනාථාගාරය ආරම්භ කල දා පටන් සංචාරකයින්ට එහා මෙහා ගමන් කිරීමට විවෘත වූ පැරණි ‘‘A’’ දොරටුව මුල් වරට සංචාරකයින්ට වසා දැමෙන්නේ 2002 වසරේදීය. ඒ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේය. නමුත් ව්‍යාපාරික ප්‍රජාවගේ හා අනෙකුත් පාර්ශව වල ඉල්ලීම පරිදි පසු කාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බලයට පත්වීමත් සමග එය නැවත විවෘත කෙරුණි. 

නමුත් නැවත වරක් මෙම දොරටුව වත්මන් රජය විසින් බලයට පත්වීමත් සමග වසා දැමීමට කටයුතු කෙරුණි. කෙසේ නමුත් ගැටළුව නිවැරදිව අවබෝධ කර ගත් විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම දොරටවු විදෙස් සංචාරකයින් සදහා විවෘත කිරීමට තීර්ණය කර තිබුණි. ඒ අමාත්‍ය වරයාගේ දුරදර්ශී තීර්ණයක් බව සදහන් කල යුතුව තිබේ.

නමුත් තවමත් ඉතිරිව පවතින ගැටළුවක් තිබේ. එනම් ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් විවෘත කල මෙම විදෙස් සංචාරකයින්ගේ ප්‍රවේශ දොරටුව කොතෙකුත් කාලයක් මෙලෙස විවෘතව පවතීද යන්නයි. මන්දයත් මෙම දොරටුව විවෘත නොකර තැබීම හා ඒ ඔස්සේ පටු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාකරන කණ්ඩායම් තවමත් අලි අනාථාගාරය තුල හා ඉන් පිටත ක්‍රියාත්මක වීමයි. 

ඔවුන්ගේ එක් අරමුණක් වන්නේ පින්නවල අලි අනාථාගාරයට නොව ඔවුන්ගේ අලි ගාල් වෙත සංචාරකයින් ඇද බැද තබා ගැනීමයි. එසේ කිරීමට නම් පින්නවල අලි අනාථාගාරයේ ක්‍රියාකාරකම් දියාරු කල යුතුය. සංචාරකයින් අනාථාගරය වෙත පැමිණීම වැළැක්විය යුතුය. ඔවුන් වෙහෙසට පත්කරවන වැඩ සිදු විය යුතුය. ඔවුන්ගේ වටිනා කාලය කා දැමිය යුතුය වැනි කරුණුය.

පිටිත සිට අලි අනාථාගාරයේ කටයුතු අඩපන කරන්නට වෙරදරන්නන්ට සහය දෙන්නේ ඇතුළේ සිටින තවත් එක් තරා ආත්මාර්ථකාමයෙන් ඔද වැඩුන නිළධාරින් කණ්ඩායමකි. ඔවුන්ට ඒ වෙනුවෙන් අත යටින් සන්තෝෂම් ලැබෙන බව නොරහසකි.

පැරණි ප්‍රවේශ පත්‍ර කවුළුව නැවත විවෘත කල නමුත් එම ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුවක් තිබෙන බවට කිසිදු දැන්වීමක් හෝ ප්‍රචාරන පුවරුවක් අලි අනාථාගාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ දැනටමත් නැත. 

මේ පිලීබදව තව දුරටත් සදහන් කලහොත් මෙම දොරටුව විවෘත කිරීම සිදු වූ දිනයේ විෂය භාර අමාත්‍යවරයාද පැමිණියේ වෙනත් ස්ථානයකටය. අමාත්‍යවරයා නිළ රථයෙන් බැස්සේද, තමන් සමග පැමිණි ආරක්ෂක නිළධාරින්ටද බැණ වදිමිනි. ඒ ගේට්ටුය විවෘත කරන තැන හදුනා නොගත් බවට චෝදනා කරමිනි. නමුත් එය ආරක්ෂක නිළධාරින්ගේ වරදක් නොවන බව කිව යුතුව තිබේ.

වසරකට කෝටි ගණන් රටට ආදායම් උපදවන විදෙස් සංචාරකයා ප්‍රවේශ පතු ලබා ගත යුතු ස්ථානය පැහැදිලිව ප්‍රදර්ශණය කල යුතු නොවේද? එය සගවා තැබීම නිලධාරින්ගේ වරදක් නොවේද? ඇමතිවරයාගේ වචනය අහක දැමීමට නොහැකි තැන මෙම ටිකට් කවුන්ටරය හා දොරටුව ඔවුන් විසින් විවෘත කල නමුත් එය වෙනත් ඇමතිවරයෙකු යටතේ තව කලකදී නැවත වැසී යා නොහැකියැයි කාට හෝ කිව නොහැකිය.

මේ ප්‍රශ්ණය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ඇමතිවරයාගෙන් එදින මාධ්‍යවේදියෙකු ඇසුවේය. අමාත්‍යවරයාගේ පිළිතුර වුයේ. මෙවැන්නකි. දේශපාලනයට හෝ වෙනත් බලවේග වලට මේ කටයුතු වලට ඇගිලි ගහන්ඩ අපි ඉඩ දෙන්නෙ නැහැ මේක මුළු රටේම ආර්ථිකයට බලපාන කාර්ණාවක් යන්නයි.

ඕනෑම රජයක් ඉදිරියට ගෙන යන්නෙත්, පසු පසට අදින්නෙත් නිළධාරින් විසිනි. නිළධාරිවාදය අවැසි වන්නේ යහපතට මිස අයහපතට නොවේ. රට මෙන්ම ආයතන පසු පසට අදින, නිරාවට ඇද දමන නිළධාරින් තවමත් එමට ඇත.

ඔවුන් හදුනා ගැනීම මෙන්ම ඔවුන් වෙනුවට විකල්ප සොයා ගැනීම රජයට අයිති කටයුත්තකි. මැති ඇමතිවරුන් සොයා බලිය යුතු කාරණාවකි. නැතිනම් සිදු වන්නේ මහ ජනතාව රජයට උපයා දෙන මහා පරිමාණයෙන් වූ බදු මුදල් දූෂිතයින්ගේ අත් පත්වීමයි. ජාවාරම්කරුව්නගේ ගිණුම් වලට තරවීමයි.

පින්නවල අලි අනාථාගාරය තුල දිනපතා සිදුවන මහා පරිමාණ ප්‍රවේශ පත්‍ර ජාවාරමක් පිළිබද විෂය භාර අමාත්‍යවරයාම පසුගිය දිනක අනාවරණය කරන ලදි. අලෙවි කල ප්‍රවේශ පත්‍ර පිට පාරෙන් නැවත අලෙවි කිරීම මෙම ජාවාරමයි. දිනකට ලක්ෂ තුන හතරක් රජයට අයවිය යුතු මුදල් මෙලෙස වංචා කරන බවට විෂය භාර අමාත්‍යවරයා චෝදනා කලේ පින්නවල අලි අනාථාගාරයේ අධ්‍යක්ෂකවරිය ඇතුළු නිළධාරින් මෙන්ම සත්ත්වෝද්‍යාන දෙපාර්ත්තමේන්තුවේ නිලධාරින් ඉදිරිපිටය. 

අලි අනාථාගාරයේ සිටින මුල් පෙලේ නිළධාරින්ගේ අනුදැණුමක් නොමැතිව මෙවැනි කටයුත්තක් කිසිසේත්ම සිදුවිය නොහැකිය.

පින්නවල අලි අනාථාගාරය ඇතුළත අලින්ගේ පහසුව සදහා නාන තොටුපලක් ඇති කිරීම සුදුසු යැයි එහි මුල් සැලසුමේ තබූ නමුත් එය ක්‍රියාවට නැංවුයේ නැත. ඊට හේතුව වූයේ මුල් කාල වකවානුවේදී ඉතා සීමිත අලින් සංඛ්‍යාවක් මෙහි වාසය කිරීමයි. නමුත් දැන් එය නැංවීම කාලෝචිත බව පරිසරවේදීන්ගේ මතයයි. ඔවුන්ගේයෝජනාව වන්නේ අසලින් ගලන මා ඔයෙන් ජල පාරක් හරස් කර මෙම තොටුපල සකස් කිරීම උචිත බවයි.

මෙසේ තිබියදීත් අලි ඔයට රැගෙන යාමට අළුත් මාර්ගයක් තැනීමට දත කන්නෝද වෙති. ඔවුන් යෝජනා කරන්නේ අලි අනාථාගාරය කෙළවරකින් මාර්ගයක් ඉදිකර අලින් ආවරණයක් ඔස්සේ මා ඔය වෙත රැගෙන යන ලෙසයට. එහි අරමුණ අලි ගහනය වැඩිවන දිනකඇති විය හැකි වේයැයි කියන තදබදය අවම කිරීම බව ඔවුන් පෙන්වා දෙති. නමුත් එවැනි අලි ගහනයක් ඇතිවීමට නම් තව අවුරුදු සීයයක් පමණ ගත විය යුතු යැයි පරිසරවේදීන්ගේ මතයයි. එය මුහුද හත්ගව්වක් තිබියදී අමුඩ ගැසීම හා සමානය. 

අලි අනාථාගාරය ආරම්ඵ කල එදා මෙදා තුර වසර 42ක් ඉතිහාසයේ අලින් සියය ඉක්මවා ගාල් කල අවස්ථා නොතිබීම මෙවැනි යෝජනා ගෙන එන පුද්ගලයින් නොදැන සිටීම කණගාටුවට කරුණකි. මොවුනගේ සැබෑ අරමුණ ඊට වඩා වෙනස්ය. තම පුද්ගලික ඉඩම් මතින් මාර්ගයක් තැනීමට දත කන මේ පිරිසගේ අපේක්ෂාව අවුරුදු 41ක් පින්නවල ආශ්‍රිතව ගොඩනැංවුනුආර්ථික පසුබිම විනාශ කිරීමයි. මේ ආශ්‍රිතව ජීවත් වෙන විශාල පිරිසකට බඩේ පහර ගැසීමටය. 

සංචාරක කර්මාන්තයේ දියුණුව යනු තැඹිලි ගෙඩි 20ක්, විකුණූ පුද්ගලයාට 10ක්, විකිණීමට වැඩ සැලැස්වීම නොව ඔහු අද විකුණු ගණනට වඩා වැඩි ගණනක් හෙට විකිණීමට පරිසරය සකස් වීමයි. ගරු අමාත්‍ය තුමණි මෙකී කාරණය පිලිබදවත් ඔබ තුමගේ ඇස යොමු කල යුතු බව අපි යෝජනා කරන්නෙමු.


සටහන සේයා රූපුත්තලම කේ.ප්‍රියංකර
















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 1947303104696483975

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item