අනතුරෙන් පසුව සන්දීප් පළමුවරට කතා කරයි

කොළඹ ජාතික රෝහලේ සහ රාගම පුනරුත්ථාපන රෝහලේ කාලාන්තරයක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලැබූ Sandeep Sampath ට රාගම පුනරුත්ථාපන රෝහල ඔහුගේ නිවස බඳුවිය....

කොළඹ ජාතික රෝහලේ සහ රාගම පුනරුත්ථාපන රෝහලේ කාලාන්තරයක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලැබූ Sandeep Sampath ට රාගම පුනරුත්ථාපන රෝහල ඔහුගේ නිවස බඳුවිය.

සන්දීප් මේ මෑතකදී පුනරුත්ථාපන රෝහලෙන් සිය හෝමාගම පිටිපන පිහිටි නිවසේ පදිංචියට ගියේ හෙද, හෙදියන්ට මෙන්ම වෛද්‍යවරුන්ට හිස නමා ආචාර කරමිනි.

එහෙත් සන්දීප් සම්පත් තවම සම්පූර්ණයෙන්ම සුවය ලබා නැත.

මාස 08 කට වැඩි කාලයක්‌ තිස්‌සේ තම පුතු වන සන්දීප් සම්පත්ගේ දුක සැප බලා ගනිමින් ඔහුට සාත්තු සප්පායම් කරමින් සෙවණැල්ලක්‌ බඳුව සිටින ඔහුගේ පියාවන දයානන්ද ගුණවර්ධන මහතා සිය අදහස් මෙසේ ප්‍රකාශ කළා.

“දරුවාගේ ජීවිතය ගොඩදාගන්න අපි අනන්තවත් දුක්‌වින්දා. පුතා රෝහලේ ගත කරද්දී මා ඔහු ළඟම හිටියා. වෛද්‍යවරුන් හෙද හෙදියන්ට අපි අවංකව ස්‌තුති කරනවා පුතාගේ ජීවිතය ගොඩදාගන්න උදව් කිරීම ගැන. අනතුර සිදුවූ දා සිට තාමත් මං පුතාට ඇප උපස්‌ථාන කරනවා. අපිට කියලා ආදායම් මාර්ග නැහැ. පුතාගේ යාළුවෝ ඒ වගේම ඥතියෝ පුතාගේ දුක සැප බලන්න එනවා. යාළුවෝ පුතා වෙනුවෙන් ඉඳහිට උදව් උපකාර කරනවා. ඒ දරුවන්ටත් හැමදාම මේ විදිහට උදව් කරන්න අමාරුයි. අපි මාධ්‍යයට හුඟක්‌ ස්‌තුති කරනවා. මේ අනතුර ගැන අරයාට මෙයාට ඇඟිල්ල දික්‌කරන්න අපිට බැහැ. අපේ පවුලේ එකම දරුවාට අද හරියට ඇවිදගන්නවත් බැහැ. මං දරුවා ළඟම ඉන්න ඕනෑ.”

“පොඩි වෙනසක්‌ වුණේ රෝහලෙන් පිටවෙලා ගෙදරට ආපු එක විතරයි. දරුවාව ඇවිද්දවන්නේ මේ පර්චස්‌ 12 ඉඩමේ. පාඨලී චම්පික ඇමැතිතුමාගේ ජීප් රියේ පුතා හැප්පුණා කියලා දැන් මුළු රටම දන්නවා. නමුත් අපි කියන්නේ මේ අනතුර ගැන මීට වඩා උනන්දුවෙන් බැලිය යුතුයි කියලා. මේ ජීප් රිය පැදවූ රියෑදුරුට නීතියෙන් දඬුවම් කරලා තිබෙනවා. කවදාහරි දවසක මගේ දරුවා කාගේවත් උදව්වක්‌ නැතිව තනියම ඇවිදින තුරු දරුවාට මං සාත්තු සප්පායම් කරනවා. රස්‌සාව ගැන දැන්ම හිතන්න බැහැ…..ඒත් අපි කොහොමහරි ජීවත්වෙනවා. “

මෙම අනතුරෙන් පසු සන්දීප් සම්පත් සිය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසයි..

“මේ අනතුර ගැන කියන්න මං දන්නේ නැහැ. මට සිහිය ඇවිත් තිබුණේ රෝහලේ ඇඳේදියි. මාව බලන්නයි මා ළඟ ඉන්නයි මගේ යාළුවෝ එනවා……මගේ තාත්තා…..අම්මා…..නිතරම මා ගැන බලනවා. එච්චරයි මට කියන්න පුළුවන්.”



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9219314543993751632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item