වයස 11 වන විට අසභ්‍ය චිත්‍රපට බලා අවසන්

වත්මන් දරුවන් වයස අවුරුදු 11 වන විට අසභ්‍ය චිත්‍රපට නරඹා අවසන් බවත් එය පාලනය කිරීම ප්‍රමාණවත් නොවන බවත් නතර කිරීමට ක්‍රමයක් අවශ්‍ය බවත් ජනත...

වත්මන් දරුවන් වයස අවුරුදු 11 වන විට අසභ්‍ය චිත්‍රපට නරඹා අවසන් බවත් එය පාලනය කිරීම ප්‍රමාණවත් නොවන බවත් නතර කිරීමට ක්‍රමයක් අවශ්‍ය බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවැසීය.

අධ්‍යාපනය වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය. එසේම අසභ්‍ය චිත්‍රපට අසත්‍යයක් බවට දරුවාට ඉගැන්විය යුතු බවත් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කමත් ඔහු මෙහිදී අවාධාරණය කර සිටියේය.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදෙන ආකාරය පිළිබඳව ගුරුවන්ට මූලික දැනුමක් ලබාදීම අවශ්‍ය බවද ඔහු පැවැසීය.

එසේම උසස්පෙළ සිසුන් හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට ගත් ක්‍රියාමාර්ගය ගැන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසාදය පළ කරන බවත් ඔහු පැවැසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4695808282490296673

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item