උතුරේ ඒ.එස්.පී. කොළඹ යකා නටලා

උතුරේ සේවය කරන සහකාර ‍පොලිස් අධිකාරිවරයෙක් කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පෙරේදා (28) අලුයම කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‍පොලිස් තොරතුරු අනා...

උතුරේ සේවය කරන සහකාර ‍පොලිස් අධිකාරිවරයෙක් කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පෙරේදා (28) අලුයම කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ‍පොලීසියට ලද දුරකථන ඇමතුමක් හේතුවෙන් ‍පොලිස් කණ්ඩායමක් රාත්‍රී සමාජ ශාලාවට ගොස් සහකාර ‍පොලිස් අධිකාරිවරයාව එම ස්ථානයෙන් ඉවත්කරගෙන තිබේ.

එම අවස්ථාවේදී එම නිලධාරියා බිමතින් සිට ඇති බවද ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම සහකාර ‍පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙයට පෙරද පවත්වා ඇති බවත් ඒ අනුව උතුරට මාරුකර ඇති බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම සහකාර ‍පොලිස් අධිකාරිවරයා රාත්‍රී සමාජ ශාලාවේ කලහකාරී ලෙස හැසිරුණු මේ සිදුවීම සම්බන්ධයෙන් ‍පොලීසියේ කිසිදු බලධාරියෙක් නිල ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4802531286014557821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item