ප්ලාස්ටික් ජල ටැංකිවලින් පිළිකා අවදානමක්

නිසි ප්‍රමිතියක් නොමැතිව සාදන ලද ප්ලාස්ටික් ජල ටැංකිවල රැස්කර පරිභෝජනයට ගන්නා ජලය මගින් පිළිකා ඇති වීමේ අවදානමක් තිබෙන බව කොළඹ ජාතික රෝහ‍...

නිසි ප්‍රමිතියක් නොමැතිව සාදන ලද ප්ලාස්ටික් ජල ටැංකිවල රැස්කර පරිභෝජනයට ගන්නා ජලය මගින් පිළිකා ඇති වීමේ අවදානමක් තිබෙන බව කොළඹ ජාතික රෝහ‍ලේ විෂ තොරතුරුඅංශය අනතුරු හඟවයි.ජල ටැංකිය දිගු කාලයක් තද අව්වේ රත්වීම හේතුවෙන් එම ටැංකිය සාදන ලද රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වී ශරීරගත වීම හේතුවෙන් භයානක තත්ත්වයක් අත්විය හැකි බව විෂ තොරතුරු අංශයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි.

අව්වේ තිබෙන ප්ලාස්ටික් ජල ටැංකිවල ජලය අමුතු රසයකින් යුක්ත වීමට හේතුවී ඇත්තේ එම ටැංකිය නිමාකර තිබෙන රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වීම හේතුවෙන් බවද හෙතෙම පැවැසීය. නිසි ප්‍රමිතියකින් යුතු ජල ටැංකිවල වීදුරුවක් හා ගෑරුප්පුවක සලකුණක් ලාංඡනය වශයෙන් නිර්මාණය කර තිබිය යුතු වුවද දැනට අප භාවිත කරන හා අලෙවි කරන බොහෝමයක් වතුර ටැංකිවල එම ලාංඡනය නොමැති බව හෙතෙම අවධාරණය කළේය. කෙසේ නමුත් ඇතැම් ජල ටැංකිවල එම ලාංඡනය සටහන් කර තිබුණද ඒවා නිසි ප්‍රමිතියෙන් නිර්මාණය කර ඇත්ද යන්න මේ වන විටත් සොයා බැලීමක් කර නොමැති බවද වෛද්‍ය ගුණතිලක සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 329778087844184252

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item