අගමැති අස්‌ නොවුණොත් ශ්‍රීලනිප මැති ඇමැතින් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි - ජී.එල්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉල්ලා අස්‌ නොවන්නේනම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන්...

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉල්ලා අස්‌ නොවන්නේනම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත්විය යුතුයෑයි මහාචාර්ය ජී.එල්. පීරිස්‌ සඳහන් කළේය.

ආණ්‌ඩුවෙන් අස්‌නොවී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් තවදුරටත් සිටින්නේ නම් සාමූහික වගකීම අනුව ඒ සියලු දෙනාද රටට වගකිව යුතු බවත් ඔවුන්ට ඇඟ බේරා ගැනීමට කිසිසේත් පුළුවන්කමක්‌ නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය. මෙම බැඳුම්කර වංචාව පිළිබඳව ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරුන් විශාල වාග් ප්‍රහාර විවේචන එල්ල කළත් ඒවා සත පහක වැඩකට නැති පුස්‌සක්‌ බවත් ඔවුන් කළ යුතු එකම දේ ආණ්‌ඩුවෙන් ඉවත් වීම බවත් මහාචාර්ය ජී.එල්. පීරිස්‌ වැඩිදුරටත් පැවැසීය.

අග්‍රාමාත්‍යවරයාට කැබිනට්‌ මණ්‌ඩලය තුළ සුවිශේෂි බලයක්‌ තිබෙන බැවින් ඔහු ප්‍රධානත්වය දරන කැබිනට්‌ මණ්‌ඩලයක ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන්ට හෘද සාක්‌ෂියට අනුව තවදුරටත් සාමාජිකයන් ලෙස සේවය කළ හැකි දැයි හෙතෙම විමසා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්‌ නොවන්නේනම් අස්‌වනතුරු බලා සිටීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නැතැයිද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පූර්ණ බලතල තිබෙන අතර ඔහු ඉවත් නොකර බැඳුම්කර වංචාව පිළිබඳව ස්‌වාධීන පරීක්‌ෂණ ගැන කතා කිරීමේ පලක්‌ නැතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ 1 දා පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මේ බව පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8897626653095940841

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item