කුපාඩින්ට රණවිරුවන් යැයි කියන්න බෑ

රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය....

රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බව තමන් කිසිවිටකත් ප්‍රකාශ කළේ නැතැයි ඔහු කීවේය.

උතුරේ හිටපු හමුදා ප්‍රධානියෙකු හා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම කල්ලිය නිර්මාණය කළ බව තමන් කීවත් එයට හමුදාව සම්බන්ධ වූ බව තමන් ප්‍රකාශ කළේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයාගෙන් මෙන්ම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද ආවා කල්ලිය සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එම ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය- ආවා සංවිධානය ගැන ඔබ කළ ප්‍රකාශ අසත්‍ය බවට ආණ්ඩුවේ පාර්ශවයන් ප්‍රකාශ කර තිඛෙනවා නේද?

අමාත්‍ය රාජිත සේනාරත්න – මම කීවේ උතුරේ සිටි එක්තරා හමුදා නිලධාරියෙක් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙය පවත්වාගෙන ගිය බවයි. ඒත් දැන් එය අල්ලාගෙන තිඛෙන්නේ හමුදාව කළා කියලයි. ගෝඨාභය මහත්තයා මෙය රණවිරුවන්ට අපහාස කිරීමක් කියා කීවා. දැන් ඕනෑම කුපාඩිකමක් කළ අයටත් රණවිරුවා කියනවා. එක්නැලිගොඩ, ලසන්ත, ජෝෂප් පරරාජසිංහම්, මහේෂ්වරන් මැරූ අයත් රණවිරුවන් කියලයි මේ අය කියන්න හදන්නේ. අපි රණවිරුවන් හා අනෙක් අයගේ වෙනස දන්නවා. රණවිරුවන් හදන්නේ මිනීමරන්න මංකොල්ල කන්න නෙවෙයි.

තරුණයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා අමානුෂික ලෙස මැරූ අයත් රණවිරුවෝද? එක නිලධාරියෙක් කළ වරදක් ගැන කීවාම හමුදාවට අපහාස වෙන්නේ කොහොමද? එහෙනම් ඔහු කළ මිග් ගණුදෙනු ගැන කතා කරද්දිත් රණවිරුවන්ට අපහාස කරනවා කියයි. මේ අය අල්ලාගෙන තිඛෙන්නේ නැට්ටකින්. අපේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමාත් තවත් අයත් මෙයට හමුදාව සම්බන්ධ නැහැ කියා කියනවා. කවුද එහෙම කිව්වේ.

ප්‍රශ්නය – හිටපු හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ බව කියනවා නම් ඒ කවුද?

අමාත්‍ය රාජිත සේනාරත්න – මේ සම්බන්ධ සියලූ වාර්තා මට හෙට ලැඛෙනවා. ඒ අයගේ නම් කිවයුතු නැහැ.

ප්‍රශ්නය- හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ වුණා නම් ඊට පහළින් සිටි හමුදා නිලධාරීන්වත් මෙයට සම්බන්ධ කරගන්න ඇති නේද?

අමාත්‍ය රාජිත සේනාරත්න- මෙහි සිටියේ හමුදාවේ අය නෙවෙයි. ද්‍රවිඩ අයයි. එදා මේ අය කළ දේවල චෝදනා එල්ල වුණේ ඩග්ලස් දේවානන්දා මහතාටයි. මම මේ ගැන එතුමාට චෝදනා කරද්දී එතුමා මට ඒ සත්‍ය පැවසුවා.

ප්‍රශ්නය- මේ වන විට ආවා කල්ලිය සම්බන්ධව කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවාද? පොඩි අය විතරක් අත්අඩංගුවට ගෙන ලොකු අය නොගන්නේ ඇයි?

අමාත්‍ය රාජිත සේනාරත්න – මේ සම්බන්ධව 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ලොකු ලොකු අය අත්අඩංගුවට නොගනෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මටත් තිඛෙනවා.

ප්‍රශ්නය- හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමනි, ආවා කල්ලිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබලෙක් සිටින බව කියනවා නේද?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක- දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ නොපැමිණි ලෙස සඳහන් කෙනෙක් අත්අඩංගුවට ගැනීමකදී අපිට ඒ ගැන වාර්තා වෙනවා. තවම එවැන්නක් වාර්තා වී නැහැ.

ප්‍රශ්නය- මේ ගැන දින තුනක පමණ සිට මාධ්‍ය වාර්තා කළා. අද ඔහුව අධිකරණයටත් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ ගැන සොයා බැලූවේ නැත්තේ ඇයි?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක- පොලීසිය අපට දෛනිකව දෙන තත්ත්ව වාර්තාවලත් මේ ගැන වාර්තා කර නැහැ. අපිට දැනුම්දීමක් කළොත් මට මේ ගැන සොයාබලන්න පුළුවන්.

ප්‍රශ්නය – අද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා එම සැකකරු යුද හමුදාවේ බව.

හමුදා ප්‍රකාශක – නමුත් අපට දැනුම් දී නෑ.

– ලංකාදීප
4,562



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8106559289631322610

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item