හමුදා බුද්ධි අංශ බයබීත වෙලා. උතුර-නැගෙනහිර තත්වය බරපතලයි. – මේජර් ජනරාල් කමල් ගුණරත්න
අද වන විට මෙරට ආරක්‍ෂක තත්වය ගැන සෑහීමකට පත්වීමට නොහැකි යයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. උතුර හා නැගෙනහිර අද වන විට ඇති වී තිබෙන...
http://www.sathhanda.com/2016/11/blog-post_946.html
අද වන විට මෙරට ආරක්‍ෂක තත්වය ගැන සෑහීමකට පත්වීමට නොහැකි යයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
උතුර හා නැගෙනහිර අද වන විට ඇති වී තිබෙන තත්වයන් ඉක්මනින් පාලනය නොකලහොත් බරපතල තත්වයක් උද්ගත වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමිනි.
හමුදා බුද්ධි අංශයන් සක‍්‍රීයව සිටින්නේ නම් ‘ආවා’ වැනි කණ්ඩායම් බිහි නොවන බවද කී ඔහු පසුගිය කාලයේ බොහෝ බලවත්ව සිටි හමුදා බුද්ධි නිලධාරීන් අද ඇති වී තිබෙන විවිධ කාරණා නිසා රාජකාරී කිරීමට බිය වී සිටින බවද කියා සිටියේය.
Related