2006 ලෝක ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට මහින්ද ජනාධිපතිතුමත් සමඟ ‘අපි වවමු රට නගමු’ වැඩසටහනෙන් මට පුලුවන් වුනා - ජනපති

අද මුලු රටේම නියඟය සමග ආහාර අර්බුදයක් ඇති වෙමින් පවතින බවත්, “එදා 2006 ලෝක ආහාර සංවිධානය විසින් මුලු ලෝකයේම ආහාර හිඟයක් එන බවට කරපු දැනුම...

අද මුලු රටේම නියඟය සමග ආහාර අර්බුදයක් ඇති වෙමින් පවතින බවත්, “එදා 2006 ලෝක ආහාර සංවිධානය විසින් මුලු ලෝකයේම ආහාර හිඟයක් එන බවට කරපු දැනුම් දීමක් අනුව තමා එදා කෘෂිකර්ම ඇමති හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ අපි වවමු රට නගමු වැඩසටහන් ක්‍රියාත්මක කොට රටේ යුද්ධය ද එක පැත්තකින් මුහුණ දෙමින් අපිට එදා සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන් වුනා” යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයදි පැවති දිලිදුකම පිටු දැකීමේ ජාතික වැඩපිළිවෙළහි ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් කියා සිටියේය.

එහෙත් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ නැත. ඒ වෙනුවට අද ජනාධිපති වශයෙන් ඉන්නේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම ඇමති මෛත්‍රීපාල සිරිසේනය. අද ඔහුගේ කෘෂිකර්ම ඇමතිවරයා මහින්ද රාජපක්ෂ රජයේ සිටි අධ්‍යාපන සේවා ඇමතිවරයා වු දුමින්ද දිසානායක ය. එමෙන්ම ගොවියාගේ ජලය නිසි ලෙස කලමාණාකරනය නොකළා යයි ගොවි ජනතාව චෝදනා කරන්නේ එදා මහින්ද රාජපක්ෂ රජයේ සිටි වන සංරක්ෂණය භාර ඇමතිවරයා වු වර්තමාන වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍ය විජිතමුණි සොයිසායිටය.

මේ අනුව එදා 30 වසරක යුද්ධය ද එක පැත්තකින් කරමින් එහි අවසන් කලා මෙන්ම දැඩි ආහාර අර්බුදයක් එන බව ලෝක ආහාර සංවිධානය පවා අනතුරු අගවා තිබියදි එයින් මිදි ජනතාව කිසිම හිඟයකින් තොරව කන්න දීමත් ගොවියාගේ ආර්ථිකය එදා ශක්තිමත් කිරීමට හැකිවීමත් ගැන වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තම අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින්ටද යම් අනතුරු ඇගවීමක් කොට ඇත්තේ ඉදිරියේ එන නියඟය හා ආහාර අර්බුදය මෙන්ම ඒ හරහා පැන නැගෙන දිලුදු කම සම්බන්ධයෙන් පියවර ගැනීම දැනටමත් පමා වී ඇති බැවින් එයට ඉඟියක් ලෙස විය හැක.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4690423265307807074

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item