වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්

වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිවුස් වෝටර්ස් එජ් හෝටලයේ අද (30) පැවැති ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මාන ලැබීය. ඇන්ජලෝ මේ සම්මානයට ...

වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිවුස් වෝටර්ස් එජ් හෝටලයේ අද (30) පැවැති ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මාන ලැබීය.

ඇන්ජලෝ මේ සම්මානයට හිමිකම් කීවේ තෙවැනි වතාවටය.

වසීම් අක්‍රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ අතර ඔහු එහිදී කියා සිටියේ තමා ලංකාවට ආදරය කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තමාගේ හදවතේ රැඳුනක් බවයි.

අතීතය වෙත සිය කතාව ගෙනගිය වසීම් අරවින්ද ලොකු ගමනක් යන බව තමා එදා දැනසිටි බවද කීය.

එසේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සටන්කාමී බවත්, එසේම ඔවුන් සිය සටන්කාමීත්වය පිළිඹිබුකරන්නේ ක්‍රීඩාවේ ජීවගුණය රැකගෙන බවද සඳහන් කළේය. 

සම්මාන උළෙලේ පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය හිමිවූයේ රුචිර පල්ලියගුරුගේ මහතාටය.

රසල් ආනල්ඩ් වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස සම්මාන ලැබීය. 
වසරේ විස්සයි20 පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනාගත් අතර ඔහු එහිදී සම්මානය ඔහුට නොලැබුණා නම් හොඳ යැයි කියමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

මාලිංග එහිදී වැඩිදුරටත් මෙසේකීය.

“මේ දේ මට නැතිව වෙන කෙනෙකුට ලැබුණානම් හොඳයි. පාදයේ ආබාධය නිසා වසරක් ක්‍රීඩා කළේ නෑ. ලබන වසරේ ජනවාරි මාසයේ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි”

පළම පන්දුවට වසීම්ට 4ක් ගැහුවා 2 වැනි පන්දුවට පොල්ල ගැලවුණා

වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සම්මානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමි විය.

සම්මානය ලැබූ ඩිල්ෂාන් මෙසේ කීය

“බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නෙමෙයි. සම්මානය ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා දවසෙයි. ජනතාවගේ ආශීර්වාදය තමයි ලොකුම ආශීර්වාදය. රට වෙනුවෙන් සියයට 200ක් දීලා රට ජයග්‍රහණය කරනවන්න.වසීම්ට මුහුණ දුන් පළමු බෝලයට මම හතරක් ගැහුවා. දෙවැනි පන්දුවේදී විකට් කණුව කීපර් ළගට ගියා. මට මුහුණ දෙන්න අමාරුම පන්දු යවන්නා වසීම් අක්‍රම්”

සෙසු සම්මාන මෙසේ බෙදී ගියේය.

එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග

වසරේ එක්දින පිතිකරු - කුමාර් සංගක්කාර

වසරේ තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - රංගන හේරත්

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - කුසල් මෙන්ඩිස්

වසරේ ටෙස්ට් පිතිකරු - දිනේෂ් චන්දිමාල්

වසරේ විස්සයි20 පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්

වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස්

වසරේ එක්දින පන්දු යවන්නිය - ඉනෝකා රණවීර

වසරේ තුන් ඉරියව් ක්‍රීඩිකාව - ශෂිකලා සිරිවර්ධන

වසරේ එක්දින පිතිකරිණිය - චමරි අතපත්තු (අඛණ්ඩව පස්වැනිවරට)

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6661802162482657990

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item