මම මාධ්‍යවේදියකුට ගැහුවා නම් ඔහු ඉන්න ඕනෑ රෝහලේ. ඔහු කා එක්කද හිටියේ කියලා මා දන්නවා – නාවික හමුදාපති

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නෞකා දෙකක්‌ උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නිසා ඒවා මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කළ බව නාවික හ...

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නෞකා දෙකක්‌ උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නිසා ඒවා මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කළ බව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පැවැසීය.

ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‌ෂක පද්ධති නාවික හමුදාවේ ආරක්‌ෂාව යටතේ පවතින බවත් යම් හෙයකින් ඒවාට මුහුදු කොල්ලකරුවන්ගෙන් හෝ ත්‍රස්‌තවාදීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල වේ නම් ආරක්‌ෂා කරදීම නාවික හමුදාවේ වගකීම බවත් ඔහු කීය.

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නැව් දෙකෙන් එකක්‌ ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම තැන්වැනි නෞකාව බවත් එම නැව හා අනෙක්‌ විදෙස්‌ නෞකාව දින හයක්‌ තිස්‌සේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවකට ගැනෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

වාහන වරායට ගොඩ බෑමෙන් පසු උද්ඝෝෂකයන් විසින් වාහන ප්‍රවාහන නැව සහ අනෙක්‌ නැව බලහත්කාරයෙන් වරායේ රඳවාගෙන සිටී.

එම නිසා වාහන ආනයනය කළ සමාගම්වලට දිනකට ඩොලර් ලක්‌ෂ 04 බැගින් රඳවාගෙන සිටි දින 06 ක්‌ සඳහා ගෙවීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. විශාල නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ දෙවැනි වතාවට බවද සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමට විදෙස්‌ නැව් බලහත්කාරයෙන් රඳවාගෙන අරගල කළ බවද හෙතෙම පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් දිවයින පුවත්පත කල විමසීමකදී පවසා ඇත්තේ,

මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2440482702139862942

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item