අපි හදපු ආණ්ඩුව අපිට නඩු දානවා – සරත් විජේසූරිය

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලා තමන් වෙත එන්තරවාසියක් එවා ඇති බවත්, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග...

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලා තමන් වෙත එන්තරවාසියක් එවා ඇති බවත්, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ඊට මුහුණදීමට සූදානම් බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

මීට මාස කිහිපයකට පෙර තමන් විසින් ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් පාදක කරගනිමින් අපහාසයක් සිදුව ඇතැයි සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා විසින් පසුගිය 16 වැනිදා තමන්ට එවා ඇති මෙම එන්තරවාසියට පිළිතුරක් යවන බවත්, තමන් ප්‍රකාශ කර ඇති කාරණා සියල්ල සත්‍ය ඒවා බව ඔප්පු කිරීමට හැකියාව තිබෙන බැවින් අධිකරණයේදී මෙම කාරණය විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් විජේසූරිය සඳහන් කළේය.

“ජනාධිපතිතුමා අපට පැහැදිලි කරපු දේ උසාවියට ඇවිල්ලා කියන්න ඕනෑ. ජනාධිපතිතුමාගේ කතාවකදි මෙම ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ. නීතිපතිවරයා එම අවස්ථාවේ ජනාධිපතිවරයා ළඟ ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා අහලා තියෙනවා මෙහෙම ගිවිසුමක් අත්සන් කළාද කියලා. නෑ මගෙන් උපදෙස් ගත්තෙත් නෑ, මම උපදෙස් දුන්නෙත් නෑ කියලා තියෙනවා.

ඊට වැඩිය මොනවද? ඇවන්ට් ගාඩ් එක සම්බන්ධ කාරණයක් ගැන කතාකරලා තියෙන්නේ. ඊටපස්සේ හිටපු ආරක්ෂක ලේකම්වරයා එක්ක එයා චීනයේ සමුළුවකටත් ගියා. මේකේ උත්ප්‍රාසය තමයි විපක්ෂයෙන් අපට ගහන එක, විවේචනය කරන එක සාධාරණයි. අපිත් දායකවෙලා හදපු ආණ්ඩුව තමයි අපිව උසාවි ගෙනියන්න හදන්නේ. බලමුකො ඉතිං මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරයා පත්කරගන්න අපි ගෙනගිය ව්‍යපාරයේදී කිසිම වෙලාවක ජනතාවට කතා කරන්න ආපු නැති මේ මිනිස්සු, තනතුරු අරගෙන, හරිහම්බු කරගෙන දැන් සුරසැප විඳිනවා. ඒවා නැති වේවි කියලා බය ඇති දැන්” යනුවෙන් පවසා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 445182982577305659

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item